ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.

ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.