රනිල් හැර පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකුට සහය දෙන්න මම කැමතියි – රොෂාන් රණසිංහ

රනිල් වික්‍රසිංහ හැර පත්වෙන ඕනෑම ජනාධිපතිවරයෙකුට තමන් සහයෝගය ලබාදීමට සූදානම් බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා.

ඒ අනුව රට හැදීම සඳහා සහයෝගය දෙන ලෙස තමන්ට ආරාධනාවක් සිදු කළහොත් එලෙස සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතාවට හිස නමා එලෙස සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.