ඉලංකෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට දෙන්න තීරණයක් ගෙන නෑ

වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල තීරණය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ පක්ෂය එවැනි කිසිදු තීරණයක් ගෙන නැති බවයි. මේ තීරණය ගැනීමට පක්ෂයේ සාමාජිකයන් රැස් වන බවක් තමන් නොදන්නා බව කී ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමක් සම්බන්ධයෙන්ද තමා නොදන්නා බවත් පවසයි. මේ නිසා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බව ද සේනාධිරාජා මහතා පවසයි. ඉලංකයෙහි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත් එස්.ශ්‍රී ධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී යෝගේශ්වරන්, ශ්‍රී නේෂන් මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාළ තීරණය ගත් රැස්වීමට සහභාගී වී නැතැයි ද මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. පක්ෂයේ දෙතුන් දෙනකු රැස් වී ගත් මේ තීරණය මේ නිසා වලංගු නොවන බව ද ප්‍රකාශ කරයි.