අද තැපෑලට දෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

තැපෑලට භාරදීමෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

ඒ අනුව අදාළ බෙදාහැරීමේ කටයුතු හෙට සිට සිදු කරනු ඇති.