හෙට යෙදෙන පොලීසියේ සංවත්සරයට සර්ව ආගමික වැඩසටහන්

158 වන පොලිස් දින සංවත්සරය හෙටට (03) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් පොලිසිය විසින් සම්ප්‍රදායිකව සර්ව ආගමික වැඩසටහන් පවත්වනු ලබන බව සඳහන්.

ඒ අනුව බෞද්ධ ආගමික වැඩසටහන කොම්පඤ්ඤවීඩිය, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන අතර කතෝලික දේව මෙහෙය පැවැත්වෙන්නේ මෝදර, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයේදීයි.

හින්දු ආගමික පූජාව බම්බලපිටිය, කදිරේෂන් හින්දු කෝවිලේත්, ඉස්ලාම් දේව මෙහෙය කුරුඳුවත්ත, දවටගහ මුස්ලිම් දේවස්ථානයේදීත් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.