බස් ගාස්තු ගැන අද විශේෂ තීරණයක්

ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවනවාද නැද්ද යන්න පිළිබඳව අද(02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

කෙසේ නමුත් ඉන්ධන මිළ පහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය.

මේ අතර ඉන්ධන මිල අඩු කෙරුණ ද මෙවර බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව වෘත්තිය සංගම් පවසයි.