පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වෙයි

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (03) උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

එසේම විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිලිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු තවත් පනත් කෙටුම්පත් කිහිපයක දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ