සර්වජන බලය උපාය මාර්ගික සැලැස්ම එළිදකියි

සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ උපාය මාර්ගිය සැලැස්ම 31 එළිදැක්වුණා

ජන ජීවිතය වෙනස් කරන සර්වජන උපාය මාර්ගික සැලැස්ම කෙටුම්පත් දෙකක් යටතේ මහජන අදහස් ලබා ගෙන වඩාත් ප්‍රායෝගික හා ප්‍රතිඵලදායක ලෙස විනිවිදභාවයෙන් යුතු අවසාන ජාතික උපාය මාර්ගික සැලසුමක් ලෙසයි ඉදිපත් කර ඇත්තේ.

එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්, නිර්මාණය කිරීම සඳහා වන මෙම උපාය මාර්ගික සැලසුම පිළිබඳව ජනතාව තවදුරටත් අධ්‍යනයක් සිදු කර සිය දැක්ම වටා එක්වනු ඇති බවයි