ෂොරිෆුල් ඉස්ලාම්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂොරිෆුල් ඉස්ලාම් හට පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පසුගිය සතියේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ෂොරිෆුල් ඉස්ලාම් මෙලෙස ආබාධයට ලක්වී තිබෙනවා.

පාකිස්ථානයට එරෙහිව රාවල්පින්ඩි හි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශය කඩුලු දහයක ජයක් ලැබීමේදී ෂොරිෆුල් කඩුලු තුනක් දවාගැනීමට සමත් වුණා.

මීට අමතරව ඔහු පන්දු 14කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක්ද ලබා ගත්තා.