විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙති

කොලොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා.

කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී අපවත්වී තිබෙනවා.