ජනතාවගේ දුක කඳුළු ඉවත් කර සෞභාග්‍යමත් ජන ජීවිතයක් උදා කිරීමේ වගකීම මම භාරගන්නවා – සජිත්

සදාකාලික ආධාර මත යැපීමට කටයුතු නොකරන දෙපයින් නැගී සිටීමට හැකි අභිමානවත් ජන පරපුරක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රට බංකොළොත් වීම තුළ සිංහල, දෙමළ මුස්ලිම් ඇතුළු සියලුම ජනයාගේ ජීවිත අඩාල වූ බවයි නාච්චාදූව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ජනතාවගේ දුක කඳුළු ඉවත් කර සෞභාග්‍යමත් ජන ජීවිතයක් උදා කිරීමේ වගකීම තමන් සහ තම කණ්ඩායම භාරගන්නා බවයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ. 

comment loading imageමහජන ප්‍රතිචාර