සැප් 21 රනිල්ට ඡන්දෙ දැම්මොත් රනිල් ජනාධිපති, හැබැයි වෙන කෙනෙකුට දැම්මොත් 2025 දෙසැම්බර් රනිල් ජනාධිපති – අලි සබ්රි

රට කඩා වැටුණු අවස්ථාවේදී වගකීම භාර ගනිමින් තනි පුද්ගලයෙක් ලෙස රට ගොඩගැනීමට නායකත්වය ලබාදුන්නේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය අලී සබ්රි පවසනවා.

සැප්තැම්බර් 21 රනිල් වික්‍රමසිංහට ඡන්ද ලබාදීමට කටයුතු කළ හොත් ජනාධිපති ධූරයට පත්වෙන්නේ රනිල් වික්‍රමසිංහ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේනමුත් වෙන කාට හෝ ඡන්දය ලබාදීමට කටයුතු කළහොත් ලබන වසරේ දෙසැම්බර් මාසයේ ජනාධිපති ධූරයට එන්නේද රනිල් වික්‍රමක්‍රමසිංහ බවත් නමුත් මෙවර ජනතාව තමාව තෝරාගැනීමට කටයුතු නොකළ හොත් යළි මෙයට අත නොගසන බවට ස්ථාවරයක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටින බවයි අමාත්‍ය අලී සබ්රි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.