බිත්තර නිෂ්පාදකයින් හමුවූ සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බිත්තර නිෂ්පාදකයින් අතර හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් හමුවේ ප්‍රකාශ කර සිටියේ බිත්තර නිෂ්පාදනය සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළින් ඉහළ පෝෂණ මට්ටමක ජන සමාජයක් නිර්මාණය කරන බවත් පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩපිළිවෙළක්ද ඒ තුළින් ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.

එමෙන්ම ඒ තුළින් බිත්තර ඉල්ලුම ඉහළ යන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියා.

වර්තමාන රජයට දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් නොමැති බවත් පාලකයන් සඳහා පමණක් අධිපොෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවයි වැඩිදුර අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ.