Month August 2024

සමෘද්ධි කළමනාකාරවරයා රිය අනතුරකින් මිය යයි

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන සමෘද්ධි කළමනාකාරවරයා යාපනයේදී සිදු වූ රිය අනතුරකින් පෙරේදා (26) මියගොස් තිබේ. පද්මනාදන් අයින්කරන් නමැති 50 හැවිරිදි ඔහු සිය දරුවා උපකාරක පන්තියකින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී ඔහු ගමන් කළ යතුරුපැදිය යාපනය නගරයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන්…

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා මුදලට ගිනිඅවි දෙකක් ලබා දීමට ආණ්ඩුව තීරණය කළා

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මුදලට ගිනි අවි දෙකක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය. ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ…

ලබන බ්‍රහස්පතින්දා එළියට එන ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 29 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. “පුළුවන් ශ්‍රී ලංකා” යන තේමාව මුල්කර ගනිමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව සඳහන්. මේ අතර සමගි ජන සන්ධානයේ ජනපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ…

සිය ඉගැන්වීමේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට චීනයෙන් පියවර

වඩාත් දක්ෂ හා උසස් තත්ත්වයේ වෘත්තිකයන්ගේ වර්ධනය තුළින් සිය ඉගැන්වීමේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපනික බලාගාරයක් බවට පත්වීමේ කාර්යයේ ප්‍රධාන කර්තව්‍යයක් ලෙසට එය සැලකෙන අතර ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (26 ) ප්‍රකාශයට පත් කෙරුණා. වෘත්තීය…

තේ පොහොර වර්ග 05ක මිල පහළට

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834, T…

ඉන්දියාවේ වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහි විරෝධතාවයේ නිරතවූවන්ට පොලිසියෙන් ප්‍රහාර

ඉන්දියාවේ කොල්කටාහි රජයේ රෝහලකදී වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහිව විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳව සෑහීමකට පත් නොවන බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරත වී…

ඇල්පිටියේ පුංචි ඡන්දය ගැන දැනුම්දීමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව ලබන 26 දින සිට සැප්තැම්බර් 13 දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා. අදාළ කාලසීමාව කිසිසේත් දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්…

කොළඹ නගරයට එළිය ගෙනෙන ඔලිම්පික් ප්‍රමිතියේ නිල් හොකී පිටිය

වසර ගණනාවක් කතාබහට ලක්වූ කොළඹ හොකී පිටිය ඉතා කෙටි කාලයකදී අංගසම්පූර්ණ ලෙස නිමකිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකිවී ඇත. මෙම ව්‍යාපෘතියේ නිමාව හොකී ක්‍රීඩාවල ඇල්මක් දක්වන සියලුම හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම හොකී පරිපාලනයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ලෝක හොකී සම්මේලනයේ (World…

කිං කෝලිගේ ජර්සිය කෝටියකට වැඩිය විකිණෙයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේඑල් රාහුල්ගේ බිරිඳ අතීයා ෂෙට්ටි විසින් අඩු වරප්‍රසාද ලත් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ක්‍රියා කරන විප්ලා නමැති සංවිධානයට උපකාර කිරීම වෙනුවෙන් සංවිධානය කළ ‘ක්‍රිකට් ක්‍රීඩාව සුබසාධනයට‘ නම් වූ අරමුදල් එකතු කිරීමේ වෙන්දේසියේදී සුපිරි පිතිකරු විරාත් කෝලිගේ…

සමෘද්ධි නිලධාරීන් ගැන තීරණයක්

සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර් ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 2013 අංක 01 දරන දිවිනැගුම පනත හරහා දිවිනැගුම දෙපාර්තමේන්තුවපිහිටුවීමේදී එවකට සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන…