Month August 2024

නෙත්තමළුව රක්ෂිතයේ හටගත් ගින්නෙන් විශාල හානියක්

වැල්ලවාය නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න ඊයේ රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 20 කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්. ප්‍රදේශයට පවතින දැඩි…

රබර් වගාවටත් පොහොර සහනාධාරයක්

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ටත් පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නොමැති බවට ශ්‍රී…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

ඊශ්‍රායලය සහ හෙස්බුල්ලා සංවිධානය අතර යුද ගැටුමක උණුසුම වර්ධනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇතැයි ද, පෙරේදා වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.54 දක්වා 0.66% කින්ද, අමෙරිකානු ටෙක්සාස් වර්ගයේ බොරතෙල් බැරලයක…

අද වැසිවාර කිහිපයක්

උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනායක හිමිපාණන් වහන්සේ බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඝ මූලස්ථානය වෙත ඊයේ (27) පෙරවරුවේ පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. සිය මැතිවරණ කටයුතු…

අපේ රටට ජාතික පිබිදීමක් අවශ්‍යයි -ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපේ රටට ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවනයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (22) බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.…

IMF ගිවිසුම ගැන වීඩියෝ සාකච්ඡාවට සජබ සූදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ගිවිසුම් සහ එයට අදාළ අනෙකුත් කරුණු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වීඩියෝ සකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන බවත්… එම සාකච්ඡාවට එක්වීමට තමන් ඇතුළු කණ්ඩායම ද සූදානම් බව සමගි ජන…

අපි 13 දෙන්නේ නෑ: සජිත්-අනුර දෙනවා කියනවා

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැප වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි. 13 නොදෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කළ ද සජිත් ප්‍රේමදාස මහතා සහ අනෙකුත් අපේක්ෂකයන් එය දෙන…

මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීම යනු IMF සමඟ ගිවිසුම අවසන් කිරීමයි

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කළහොත් දැනට ක්‍රියාත්මක ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඇනහිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය දීම…

ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් ලක්ෂ 4ක දඩයකුත් ගහයි

හදිසි ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීම සඳහා විදේශ ආධාර ලෙස ලැබුණු රුපියල් කෝටි 2ක් පමණ වටිනා වාහනයක් අයථා ලෙස භාවිත කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ඊයේ (27) බරපතළ වැඩ සහිතව…