Month August 2024

ජනපති හමුවූ නිදහස් පක්ෂ කෝට්ටේ ප්‍රධානියා

කොළඔ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභික සහ කෝට්ටේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතාව පත්කර තිබෙනවා. එම පත්වීම් ලිපිය නිදහස් පක්ෂ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදුන් අතර අමාත්‍ය…

රණවිරුවාගේ හදගැස්ම හඳුනන නායකයා මහින්ද බිහිකළේ පොහොට්ටුවයි -ජනපති අපේක්ෂක නාමල්

සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය සකසාදුන් වීරෝධාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලුව තම ආණ්ඩුවක් යටතේ විසඳීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. රණවිරුවාගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ…

මාලදිවයිනේ ජනපතිට එරෙහිව කුමන්ත්‍රණයක්?

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු බලයෙන් පහ කිරීමට එරට විපක්ෂය කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවට වාර්තා පළව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මාලදිවයින් භාණ්ඩාගාරය සතු ඩොලර් සංචිත ප්‍රමාණයද අවසන් වෙමින් පවතින බවට මීට දින කිහිපයකට පෙර වාර්තා පළවූ පසුබිමකයි මෙවැනි තත්ත්වයක්…

රබර් වගාවේ පැතිර යන රෝගයක් සඳහා කළ රසායනික අත්හදා බැලීමක් සාර්ථක වෙයි

රබර් වගාවේ පැතිර යන නව පත්‍ර පුල්ලි රෝගය සඳහා පළමුවරට කළ රසායනික අත්හදා බැලීමක් 80% කින් සාර්ථක වී ඇති බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසනවා. මෙම පත්‍ර පුල්ලි රෝගය දැනට කළුතර, රත්නපුර මෙන්ම මොණරාගල හා අම්පාර ප්‍රදේශවලට ද පැතිර ගොස්…

සෙල්ලකතරගම දී පාසල් ළමුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන් පිරිසකට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබෙයි. එලෙස ප්‍රහාරයට ලක් වී ඇත්තේ දරුවන් 10 දෙනෙක් සහ දෙමාපියන් තිදෙනෙක් බවයි වාර්තා වෙයි. මේ පිරිස කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඔවුන් සෙල්ලකතරගම…

ජනපතිවරයාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඒ රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්වයි. වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම අභියාචනාධිකරණයට විනිසුරුවරුන්…

බලුකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙයි-යුද හමුදා සෙබළුන් 62ක් මරුට

දකුණු දිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා එම ප්‍රාන්තයේ ක්වේටා – කරච්චි අධිවේගී මාර්ගයේ ස්ථාන දෙකකදී සිවිල් වැසියන් 40 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අමතරව පොලිස් ස්ථාන රැසකට අත්බෝම්බ හා…

ට්‍රම්ප්ට තවත් චෝදනාවක්

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩ්න් පරාජයට පත්වීමෙන් පසු 2020 මැතිවරණයට මැදිහත් වීමට උත්සාහ කළ බවට එහි නඩු පවරන්නන් ඔහුට එරෙහිව නව චෝදනා ගොනු කර තිබෙනවා. ඔවුන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරුන් බලයේ සිටියදී නිල ක්‍රියාවන්…

වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වුණොත් එය විශාල ගැටලුවක් -සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය

වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වුවහොත් රට තුළ දැවැන්ත ගැටලුවක් ඇතිවීමට ඉඩකඩ තිබෙන බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා පවසනවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ යල කන්නයේ…

“සොබාදනවි” පළමු අදියර ජනපති සුරතින් විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස…