Month August 2024

වන ගහනය 30% ක සීමාවේ පවතින ලොව රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ  පවත්වාගෙන යන  ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව  පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ …

ඉන්දියාවේ සබ්මැරීනයක් ලංකාවට ආවේ ඇයි?

ඉන්දීය නාවික හමුදාවට අයත් ශල්කි සබ්මැරීනය සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ සමග 40 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද පැමිණ ඇති අතර එම සබ්මැරීනය මීටර් 64.4ක දිගකින් යුක්ත වන බවයි නාවික හමුදාව සඳහන් කළේ. ශල්කි සබ්මැරීනයේ අණදෙන නිලධාරීවරයා වශයෙන්…

රජයේ සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් ගැසට්ටුවක්

2025 වසරට අදාළ වන රජයේ නිවාඩු සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ලබන වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු 26ක් යෙදී ඇති බව සඳහන්.

සීතල යුද සමයෙන් පසු හුවමාරු වූ මිනිස් ජීවිත

සීතල යුද සමයෙන් පසු රුසියාව සහ බටහිර රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමක් ඊයේ(01) සිදු විය. එහිදී සිරකරුවන් 24 දෙනෙකුට නිදහස හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ධවල මන්දිරය ප්‍රකාශ කළේ, සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර යුරෝපයට සහ එක්සත් ජනපදයට…

අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල කණ්ඩායමක් ජූලි 25 වනදා සිට අගෝස්තු 2…

බස් – ලොරි අනතුරකින් පස්දෙනෙකු රෝහල් ගතකෙ​රේ

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ​ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා. නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි…

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙති

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අපවත් වී ඇත. අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසුවිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය අද

සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වෙනවා තරගය පස්වරු 2.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ මේ අතර සංචිතයට නම් කර තිබූ මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක…

සුළි කුණාටුවකින් චීනයේ 30 දෙනෙකු මරුට

Gaemi සුළි කුණාටුවෙන් දකුණු චීනයේ හුනාන් පළාතේ ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් 30 දෙනෙකු මිය ගොස් අති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා එමෙන්ම හුනාන් පළාතේ නගර අටක පුද්ගලයින් 35 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ සුළි…