Month August 2024

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 7 වනදා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 7 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 155,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල්…

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී…

තැපැල් ඡන්ද අයදුම් අදත් පුළුවන්

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් අද (05) තමන්ට ආසන්නතම මැතිවරණ බල ප්‍රදේශයේ දිස්ත්‍රික් කාර්යාලවලට ගොස් ඉල්ලුම්පත් භාර දෙන ලෙස මැතිවරණ කොමිසම පවසයි. මෙතෙක් අයදුම් කිරීම නොහැකි වූ අයදුම්කරුවන් තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට යොමු නොකරන…

ගල්බොඩ නාහිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද

ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු වූ අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද(05) පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. ගංගාරාම විහාරස්ථානයේ තැන්පත්කර ඇති නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම සඳහා…

කැනඩාවේ රැකියා දෙන බව කියා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොටු

කැනඩාවේ කර්මාන්තශාලාවක රැකියා දෙන බව පවසමින් මිලියන ගණන් වංචා කළ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ තිහාරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි එමෙන්ම වංචාකරුවන්ට හසුනොවී නිත්‍යානුකුල ලෙස විදේශ රැකියා සඳහා යොමුවන ලෙසත්, මෙවැනි ස්ථාන හෝ…

ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළා. ඒ අනුව ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක් හිමි වනවා…

යුක්‍රේන හමුදා ප්‍රහාරයකින් රුසියානු සබ්මැරීනයක් විනාශ වෙයි

ක්‍රිමියා අර්ධද්වීපයේ වරායක නැංගුරම් ලා තිබූ සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පවසනවා. 2014 දී දියත් කරන ලද ‘Rostov-on-Don’ නමැති එම ප්‍රහාරක සබ්මැරීනය වෙත මිසයිල ප්‍රහාරයක් මෙලෙස එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයට ලක්වූ සබ්මැරීනය දියේ ගිලී…

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එම එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොන්දේසි සහිතව සහාය ලබා දීමටයි මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයේ දී එම පක්ෂයේ උත්තරීතර…

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර

සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා නම් කර තිබෙනවා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ ජාතික මහා සමුළුවේදීයි මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශයට පත් කළේ

මහඔය-අරලගංවිල මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් පිරිසකට තුවාල

මහඔය – අරලගංවිල මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 22කු තුවාල ලබා තිබෙනවා. මහ ඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින්…