Month August 2024

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇත. අද (05) පස්වරු 2.30ට නිකුත්කරන ලද එම නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…

ලක්ෂ 32 ක නීති විරෝධී දුම්වැටි සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

රුපියල් තිස් දෙලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , ඒවා රැගෙන ආ  පුද්ගලයා  ද සමඟින් අද (05)  උදෑසන අත් අඩංගුවට ගැනීමට  කටුනායක…

එංගලන්ත හිටපු ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් අභාවප්‍රාප්ත වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝර්ප් අද (05) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට හෙතෙම 55වැනි වියේ පසුවුණි. 2022 වසරේ සිට “බරපතල රෝගාබාධයක්” සමඟ පීඩා විදිමින් සිටි ග්‍රැහැම් තෝර්ප් අභාවප්‍රාප්ත වූ බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. එංගලන්තයෙන්…

බංග්ලාදේශ අගමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි -රටින් පලා යයි

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එමෙන්ම ඇය එරට අගනුවර වන ඩකා නුවරින් ඉවත්වී ඇති බවට වාර්තා පළවන බවයි BBC පුවත් සේවය පවසන්නේ. ඒ අනුව ඇය ඉන්දියාවේ අගර්තාලා නගරයට සිය සහෝදරිය සමග හෙලිකොප්ටරයකින් පිටත්ව ගොස් ඇති…

නවසීලන්ත මහ කොමසාරිස්වරයා හා වෙළෙඳ අමාත්‍යවරයා අතර ද්වීපාර්ශවීය හමුවක්

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා හා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද දින (05) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ. මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා සදහන් කලේ, වටිනා සංස්කෘතිකාංග හා ඉතිහාසයක් සහිත රටක් ලෙස සංචාරක කර්මාන්තය…

අසත්‍ය වාර්තාවක් ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද…

තලවකැලෙන් අතුරුදහන් වු පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල ප්‍රදේශයෙන් හමුවෙයි

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස (14) දින සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක සිටියදි ඊයේ (04) දින පොලිස් භාරයට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා…

සරත් ෆොන්සේකා ඇප බඳී

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

ඡන්ද වැඩට පමණක් තැපැල් සේවකයින් 12,000ක්

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් කටයුතු සඳහා පමණක් සේවකයින් 12,000ක් සූදානම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රමුඛතා සේවා යටතේ මැතිවරණ තැපැල් ලිපි ඇතුළු තැපැල් ඡන්ද අයදුම්පත් බෙදාහැරීම අද (05) සිට සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නොසන්සුන් වූ බ්‍රිතාන්‍යය – සංක්‍රමණිකයින්ට පහරදෙමින් වීථි පුරා විරෝධතා

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් විසින් හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ, මේ වන විට එරට තුළ හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන්. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් වූ විරෝධතාකරුවන්, දේපලවලට හානි සිදුකරමින් සංක්‍රමණික වැසියන්ට ද පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන්…