Month August 2024

සීෂෙල්ස් මුහුදේ අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් මුදා ගැනේ

සීෂෙල්ස් රාජ්‍යය ආසන්න මුහුදු ප්‍රදේශයේදී අනතුරකට ලක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනා මුදාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් එරට වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇති අතර අදාළ ධීවරයින් පිරිස වික්ටෝරියා වරායට රැගෙන විත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන්…

අතුරුදන්ව සිටි දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයි

දින දෙකක කාලයක සිට අතුරුදන්ව සිටි බවට වාර්තා වූ දුම්රිය සේවකයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඒ, දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් තුළ තිබී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම සේවකයා 49 හැවිරිදි වියේ පසුවුණා.

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හරීයි

බංගලාදේශ පාර්ලිමේන්තුව අද (06) විසුරුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කොන්දේසි පරිදි අද (06) පස්වරු 3 වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. අන්තර්වාර රජයේ නායකයා ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරීන් යෝජනා කර ඇත්තේ, සමාජ ව්‍යවසායකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ සිවිල්…

2040 දී ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට කැපවෙනවා

පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව…

මැතිවරණ පැමිණිලි 99 ක් වාර්තා වෙයි

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කරන්නේ, ජුලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවයි.

පොහොට්ටුවෙන් ධම්මික ආවොත් වෙන දේ මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමෙන් පසුව එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව රත්නපුර, පොළොන්නරුව හා…

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබෙනවා. මනෝ ගනේෂන්, පී. දිගම්බරන්, වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු එම පෙරමුණේ නායකයින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මීට සුළු වේලාවකට පෙර මේ බව ප්‍රකාශ කළ…

බංග්ලාදේශයේ විපතට පත් වූවන් වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කෙරේ

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාවයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ පීඩාවට පත්වූ සියලුදෙනාට බලවත් සංවේගය පළකරන බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී බංග්ලාදේශ ජනතාව සමග හදවතින් බැඳී සිටින බවත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සමග පවතින මිත්‍රත්වය අගය…

වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ ඊයේ ( 05 ) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියය පනහක ප්‍රමාණයක් (350g) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට…

නාමල් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මෙහිදී ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පත්කර ඇති බව සඳහන්. කථානායක…