Month August 2024

දකුණු කොරියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

දකුණු කොරියාවේදී හෙලිකොප්ටරයක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. එහිදී නියමුවෙකු සුළු තුවාල ලබා ඇති අතර හෙලිකොප්ටරය විදුලි රැහැනට හසුවීමෙන් පසු කඩා වැටීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් අනතුරට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

විවෘත විශ්වවිද්‍යාලයේ නීති සිසුන් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව,…

තරවටු කළැයි සිත් තැවුලින් දියණිය දිවි නසාගනී

සාස්තරකාරියගේ අනාවැකි විශ්වාස කර ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස මව්පියන් කළ බලකිරීමකට සිත් තැවුලට පත්ව යළි කිසිදිනක සාස්තරකරුවන් පසුපස නොයන ලෙස සහ මළ ගෙදරට එන පිරිසට හොඳින් සංග්‍රහ කරන ලෙස ලිපියක් ලියා 17 හැවිරිදි පාසල් සිසුවියක් පසුගියදා (04) රාත්‍රියේ සිය…

එක්සත් ජනතා නිදහස් සන්ධානය, සජිත් සමඟ ගිවිසුමකට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට ගිවිසුම්ගත වීම අද (07) සිදුවුණා. ඒ ගිවිසුම් අත්සන් කිරීම් සිදු කරනු ලැබුවේ නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර…

මංතීරු කඩකිරීම නිසා අරුණ දර්ශන තරගාවලියෙන් ඉවතට

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබෙනවා. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී…

ජාතික පාසල්වලට පත් කළ ගුරුවරු 462ක් පත්වීම් භාර ගෙන නෑ

ජාතික පාසල්හි ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ලබාදුන් පත්වීම් 1700න් 462ක් භාරගෙන නැති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය. ජාතික පාසල්හි ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණවේදය සහ විදේශ භාෂා සඳහා පැවැති පුරප්පාඩු සඳහා…

මෙරට විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සහ පහසුකම් සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් අනුමත කර තිබෙනවා. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් මෙලෙස අනුමත…

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙක් අල්ලයි

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම ඝාතන සිදුවීම සඳහා අනුබල දුන් අදාළ සැකකරු ඊයේ (06) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දී අත්අඩංගුවට…

කාන්තා වෙසින් ඇවිල්ලා පිරිමියෙක් බොක්සිං ගහලා -ස්ත්‍රී-පුරුෂ මතවාදයකින් ඔලිම්පික් බිම දෙදරයි

ඇල්ජීරියාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් බොක්සිං තරග බිමේ සිටින ඉමානි කලීෆා කාන්තා වෙසින් පැමිණි පිරිමි ක්‍රීඩකයෙක් බවට විශාල ආන්දෝලනයක් හට ගනියි. කිලෝග්‍රෑම් 66 කාන්තා බොක්සිං තරගයකදී ඉතාලියේ ඇන්ජලා කරිනි තත්පර 46ක් වැනි කෙටි කාලයකින් පරාජය කිරීමත් සමඟ කලීෆාට මේ චෝදනාව…

නාවලපිටියෙන් කල එළි බහින ව්‍යවසායකත්වයේ රන් සලකුණ ශාන්ත අන්දෲගේ බාලිකා මහා විද්‍යාලය

අද අපේ ගමන මැදි පළාතේ නාවලපිටියට. එම නගරයේ හරි මැදට වන්නටයි ශාන්ත අන්දෲගේ බාලිකා විද්‍යාලය (St.Andrew’s Balika M.V) පිහිටා තිබෙන්නේ. එතරම් විශාල ඉඩකට හිමිකම් කියන පාසලක් නොවුණත් නගරයේ, මහා මාර්ගයට ආසන්නව පිහිටා තිබීම අලෙවි පොළ ආදී කටයුතුවලටත් පහසුවක්. ඒ උදෙසාම…