Month August 2024

සීසීසී-ඒස් කැපි­ටල් අව­සන් ගැටුම අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ගය සීසීසී ක්‍රීඩා සමා­ජය සහ එස් කැපි­ටල් ක්‍රීඩා සමා­ජය අතර හෙට (11) පෙර­වරු 9.45ට එස්එස්සී ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. සීසීසී පිල ලක්ෂාන් සඳ­කැන්ගේ නාය­ක­ත්ව­යෙන් තරග වදින අතර, ඒස් පිල…

නීති රීති කඩ­මින් එළ – මී ගවයන් ප්‍රවා­හ­නය කළ ලොරි රථ දෙකක් මාට්ටු

ලොරි රථ­යක පැට­විය හැකි සීමාව ඉක්ම­ව­මින් හිංසා­කාරි ලෙස එළ ගව­යින් සහ මී ගව­යන් 30ක් ප්‍රවා­හ­නය කළ ලොරි රථ 2ක් සමඟ සැක­ක­රු­වන් දෙදෙ­නකු පෙරේදා (08) රාත්‍රි අත්අ­ඩං­ගු­වට ගත් බව අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සිය පව­සයි. මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ, කඳාන සහ රාගම යන…

වතු සේවක වැටුප රු.1700ක් දෙන්න ආණ්ඩුව තීර­ණය කළා ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත

වතු සේව­ක­යන්ට වැඩි කළ රුපි­යල් 1700ක වැටුප ඒ ආකා­ර­යෙන්ම ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කර ඇතැයි සභා­නා­යක, අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (09) පැව­සීය. වතු සේව­ක­යන්ට වැඩි කළ වැටුප සම්බ­න්ධ­යෙන් වන ගැට­ලුව මේ වන විට පඩි පාලක සභා­වට…

ගිනි ගත් බංග්ලා­දේ­ශය අද ජන­පති රනිල් වැනි නාය­ක­යෙක් සොය­මින් සිටි­නවා ‘කාන්තා අපේ බලය’ සමු­ළු­වේදී ඇමැ­තිනී පවිත්‍රා වන්නි­ආ­රච්චි

සිසු අර­ග­ල­ක­රු­වන්ගේ ක්‍රියා­කා­ර­කම් හමුවේ ගිනි ගොඩක් බවට පත්වූ බංග්ලා­දේ­ශය, මෙරට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැනි නාය­ක­යෙක් සොය­මින් සිටින බව වන­ජීවී හා වන සම්පත් සංර­ක්ෂණ සහ වාරි­මාර්ග ඇමැ­තිනී පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය අව­ධා­ර­ණය කළේය. ඒ මහ­ත්මිය මේ බව සඳ­හන් කළේ “කාන්තා අපේ…

මහ­නු­වර ප්‍රථම කුඹල් පෙර­හර අද

මහ­නු­වර ඇසළ පෙර­හරේ ප්‍රථම කුඹල් පෙර­හර අද (10) වීදි සංචා­රය කිරී­මට නිය­මි­තය. ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් දකුණු දිශා­භි­මු­ඛව පස්වරු 6.06ට පිට­ත් වන පෙර­හර ශ්‍රී දළදා වීදීය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටි­නු­වර වීදිය ඔස්සේ…

ජන­තා­වගේ ආර්ථි­කය නංවන්න රාජ්‍ය සහ පෞද්ග­ලික අංශ­ව­ලට අම­ත­රව තව ජනතා අංශ­ය­කුත් ජනතා අංශ ධාව­කයා සමු­ප­කා­රය බව ජන­පති කියයි

රාජ්‍ය සහ පෞද්ග­ලික අංශ­ව­ලට අම­ත­රව ජනතා අංශ­යක් ද ඇති කර ජන­තාව ආර්ථික වශ­යෙන් නඟා සිටු­වී­මට කට­යුතු කරන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. ජනතා අංශයේ ධාව­කයා විදි­යට සමු­ප­කාර ව්‍යාපා­රය පත් කරන බවත් ඒ වෙනු­වෙන් ස්වාධීන හා ශක්ති­මත් සමු­ප­කාර ව්‍යාපා­ර­යක් රටේ…

මෙවර යල කන්නයේ කුඹුරු ඉඩම් හෙක්ට­යාර් 7686ක වී වගා­වට හානි කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව කියයි

කෘමි වසං­ගත හා ගංව­තුර හේතු­වෙන් මෙවර යල කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ට­යාර් 7686ක වගා හානි වාර්තා වී ඇතැයි කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. මෙයින් ගංව­තුර නිසා හානි­යට පත් කුඹුරු ඉඩම් ප්‍රමා­ණය හෙක්ට­යාර් 2908කි.රෝග හා පලි­බෝධ හානි නිසා හෙක්ට­යාර්…

උල්හි­ටිය රත්කිඳ ජලා­ශයේ පිට­වානේ ගේට්ටු 5ක් අරී ජන­තා­වට විම­සි­ල්ලෙන් සිටි­න්නැයි උප­දෙස්

උල්හි­ටිය රත්කිද ජලා­ශයේ ජල මට්ටම ඉහ­ළ­යෑ­මත් සමඟ අද (9) පස්ව­රුවේ ජලා­ශයේ පිට­වානේ ගේට්ටු පහක් විවෘත කළ හෙයින් ජලා­ශ­යට පහළ ජන­තා­වට දැඩි විම­සි­ල්ලෙන් සිටි­න්නැයි උල්හි­ටිය රත්කිද ජලාශ භාර නිල­ධාරි දීප්ත ජය­සේ­කර මහතා පව­සයි. 2024 යල­ක­න්න­යට උල්හි­ටිය රත්කිද ජලා­ශ­යෙන් වාරි ජලය නිකුත්…

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි…

ඉරාකයේ විවාහ වයස් සීමාව පහළ දැමීමට යෝජනාවක්

ඉරාකයේ කාන්තාවන් විවාහ වීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළව යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. වර්තමානයේ විවාහය සඳහා අවම වයස අවුරුදු 18 ලෙස නියම කර ඇති අතර එම වයස් සීමාව අවුරුදු 9 දක්වා අවම කිරීම සඳහා වන…