Month August 2024

අයර්ලන්තයට එරෙහිව තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල අද පිටියට

මෑත ඉතිහාසයේ පළමු වරට චමරි අතපත්තුගේ දායකත්වය අහිමි වූ ශ්‍රී ලංකා කාන්තා පිල අයර්ලන්තයට එරෙහිව සිය මංගල විස්සයි20 තරගාවලිය ජයගැනීමේ අරමුණින් අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.30ට ඩබ්ලින් නුවර ක්‍රීඩාංගණයට පිවිසෙයි. අනුෂ්කා සංජීවනීගේ නායකත්වයෙන් අයර්ලන්තය සමඟ විස්සයි20 තරගාවලියට එක්වූ ශ්‍රී…

කොළඹ වරායේ හදිසියේම ගිනිගත් නැව ගැන විශේෂ පරීක්ෂණයක්-වරාය, නාවික හා ගුවන්සේවා ඇමැතිගෙන් උපදෙස්

කොළඹ වරායේ JCT IV ජැටියේ නැංගුරම් ලා තිබිය දී හදිසියේ ගිනිගත් MSC CAPTOWN III නෞකාව ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව මේ…

තණමල්විල දැරිය දූෂණ සිද්ධිය ගැන ළමාරක්ෂක අධිකාරියෙනුත් විමර්ශනයක් කරනවා -ස්මාර්ට් දුරකතන දරුවන්ට කොඩිවිනයක්

තණමල්විල පාසල් සිසුවිය සමූහ දූෂණ සිද්ධිය සමස්ත පාසල් පද්ධතියටම කැළලක් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. ස්මාර්ට් දුරකතනය පාසල් දරුවන් අතට දීම කොඩිවිනයක් යැයිද තණමල්විල පාසල් සිසුවිය දූෂණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය…

කටුනායක දිගු වීසා පෝලිම්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට (Online Visa) වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඇතිව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නිකුත් කළ නියෝගයක් අනුව…

ආගමන විගමන නිලධාරීන්ගෙන් මිලියන 1000ක වන්දියක් ඉල්ලා විමල් නඩු මඟට

අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනා කරමින් අනීතිකව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(12) කොළඹ දිසා අධිකරණය හමුවේ…

ජනපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ STF ආරක්ෂාව

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගැනීම සිදු කරන දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. නාමයෝජනා භාරගැනීම ලබන 15 වනදා සිදු කිරීමට නියමිත අතර එදින පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 1,500…

තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගු රියදුරු නිසා එක් අයෙක් මරුට තවත් අයෙකුට බරපතළයි

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයේ දකුණුපසින් ඉවතට පැන බස් නැවතුමේ සිටි තිදෙනෙකුට යටකරමින් වෙළෙඳසැලකට කඩාවැදීමෙන් අද(12) දහවල් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙයි. අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස…

ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය 16වැනිදා සිට – අද රෑ සිට ටිකට් වෙන් කර ගත හැකියි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු 16වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම…

පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමක්

මනූෂ නානායක්කාර සහ  හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන් 09 දින සිට නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.…

හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ගැන තීරණයක්

2023 වසරට අදාළ හිඟ බදු තවදුරටත් නොගෙවන්නේ නම් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමට වහාම අවශ්‍ය උ‍පදෙස් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා (07) මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…