Month August 2024

හදිසියේ රැස්වූ ජගත් ආරක්ෂක මණ්ඩලය

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස් වී තිබෙනවා. ඒ, පලස්තීන ජාතිකයින් 100 දෙනෙකුට අධික පිරිසකට මරු කැඳවමින් ගාසා හි පිහිටි සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් අනතුරුවයි. ගාසා තීරයේ යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් අනතුරුව ජගත් ආරක්ෂක මණ්ඩලයේ පැවැත්වෙන 24 වන විශේෂ…

ජනපතිවරණයට ඇප තැන්පත් කළ ගණන 36 දක්වා ඉහළට

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ පිරිස 36 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා…

රනිල්ගේ සහයට ආ රාජිත

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව රාජිත සේනාරත්න මහතා විසින් දැනුම්දී…

කෝටි හතරක රන් බිස්කට් කටුනායකින් කොටුවෙයි

රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 16 ක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු  අද (13) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ . අත්අඩංගුවට ගත් පුද්ගලයා…

ගෙවුණු පැය 24 ට මැතිවරණ පැමිණිලි 29 ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කරයි. ඒ අනුව ගෙවුණු පැය 24 ක කාලය තුළ පැමිණිලි 29 ක් වාර්තා වී ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු…

STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවයි ශ්‍රී ලංකා විදුලි…

ජල ගාස්තු අඩු වෙන හැටි

දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය ජූලි 16 වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගෙන මෙම ජල ගාස්තු සංශෝධනය සිදුකර…

නාමල් සෙවනට ගිය ප්‍රේමලාල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා යළිත් නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඔහු අද (13) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට පැමිණ…

ඉඟුරු මෙට්‍රික්ටොන් 3000ක් ආනයනයට අනුමැතිය

ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ…

ඔස්ට්‍රේලියාවේ හෝටලයක වහලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී නියමුවා මරුට

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කෙයාර්න්ස් නුවර හෝටලයක වහලයක් මතට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ මොහොතේ හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇත්තේ නියමුවා පමණක් බව ද වාර්තා වේ. හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ කෙයාරන්ස්…