Month August 2024

වෙනිසියුලාවේ ජනපතිවරණ ප්‍රතිඵල එක්සත් ජාතීන්ගේ විවේචනයට

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මූලික විනිවිදභාවය සහ අඛණ්ඩතාවය උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් පවසනවා. එම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සැලකිය නොහැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. සවිස්තරාත්මක ඡන්ද ගණන් කිරීම් ප්‍රකාශයට පත් නොකර වත්මන් නිකොලස් මදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්…

2024 ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා ඒ අනුව පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට නියමිතයි එමෙන්ම එහිදී නාමයෝජනාවක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත්…

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී…

තණමල්විල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නියාමන කටයුතු සිදු කරමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත අදාළ දැරිය ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය…

රිෂාඩ්ගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

අයර්ලන්ත කාන්තා පිල පළමුවරට ශ්‍රී ලංකාව පරදවයි

ගේබි ලුවිස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරිගේ අර්ධ ශතක අපතේ යවමින් කාන්තා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ. ඩබ්ලින්හිදී පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 7කින් ජය…

තායිලන්ත අගමැති ධුරයෙන් නෙරපයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin එරට අධිකරණය විසින් ධුරයෙන් නෙරපා හැර තිබෙනවා. “නොහොබිනා හැසිරීම් ප්‍රදර්ශනය කිරීම සහ “ආචාර ධර්ම පිළිබඳ නීති” උල්ලංඝනය කර ඇති බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ. වසරකට අඩු කාලයක් බලයේ සිටි…

ජනපතිට සහය දෙන්න තවත් අය එයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා තීරණය කර තිබෙනවා. මීට අමතරව දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක්ද ජනාධිපතිවරයා…

පුද්ගල ආදායම් බද්දට ජනපතිගෙන් සහනයක්

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. මහා…

බෙන් ස්ටොක්ස් හට ශ්‍රී ලංකාවට එරෙහි තරගය අහිමි වෙයි

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් හට එළඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන්. බෙන් ස්ටොක්ස් වෙනුවට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔලි පෝප් හට හිමිව තිබෙනවා.…