Month August 2024

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවකට විසඳුම්

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කලක සිට පවතින වෘත්තීය ගැටලුවක් විසඳීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3027 දෙනකුට බලපෑ ගැටලුවකට මෙලෙස…

තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ අය

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589 දෙනෙකු තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ. ඒ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා 712,321 දෙනෙකු සුදුසුකම්…

දිස්ත්‍රික්ක 06කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

රනිල්ගේ සහායට යන පොහොට්ටු මන්ත්‍රීන්ට නව දේශපාලන පක්ෂයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (20) පවත්වා තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව දේශපාලන පක්ෂය හරහා අපේක්ෂකයින්…

ලබන වසරේ සිට පොහොර සහනාධාරය වැඩි කරන්න යෝජනා කළා -ඇමති මහින්ද අමරවීර

ලබන වසරේ සිට පොහොර සහනාධාර දීමනාව රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට රජයට යෝජනා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද දින (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස්…

විගමනික ශ්‍රමික ප්‍රජාවගෙන් මුල් මාස කිහිපයේ සැලකිය යුතු මුදලක්

විගමනික ශ්‍රමික ප්‍රජාවගෙන්මේ වසරේ මුල් මාස 7 තුළ රුපියල් බිලියන 964 කට අධික මුදලක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කරනවා. එය අමෙරිකානු ඩොලර් මිලියන 3710 ක් හෙවත් බිලියන 3.710 අගයක් බව සඳහන්. ඒ අනුව…

ජනපති අපේක්ෂක ජනකගෙන් පැමිණිල්ලක්

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක මහතා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානයට එරෙහිව අද (20) මැතිවරණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. ඒ මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ නීති උල්ලංගණය කරන බව පවසමින්. ජනක රත්නායක මහතා මෙහිදී සඳහන් කළේ…

ජනපති අපේක්ෂකයෝ 6ක් එකම වේදිකාවක?

ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු දැනටම ආරම්භ කර සිටින ප්‍රධාන අපේක්ෂකයින් 06 දෙනෙකු එකම වේදිකාවකට කැඳවා “ඇයි මම ඡන්දයට එන්නේ?” ඇතුළු විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහන සැප්තැම්බර් 07 වෙනිදා සවස 3 සිට 5 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට…

රාජ්‍ය පොහොර සමාගමට පසුගිය වසරේ විශේෂ ලාභයක්

රාජ්‍ය පොහොර සමාගම පසුගිය වසරේ රුපියල් මිලියන 433ක ලාභයක් උපයා ඇති බව වාර්තා වනවා. ඒ අනුව රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇති බව එම සමාගම් හි සභාපති ආචාර්ය ජගත්…

දළදා පෙරහරේ ඩ්‍රෝනා යැවූ තරුණයින් අත්අඩංගුවට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිව්වන රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කරන අවස්ථාවේදී නීති විරෝධී ලෙස ඩ්‍රෝන කැමරා ගුවන් ගත කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා. ආරක්ෂක අංශවල අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරාවක් පෙරහර මාර්ගයට යොමුකරවීම නිසා මහනුවර පොලීසිය…