Month August 2024

මහනුවර පෙරහර අවසන් කිරීමේ සංදේශය ජනපතිට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී…

ලොව වයස්ගතම පුද්ගලයා වූ මාරියා බ්‍රැන්යාස් මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ස්පාඤ්ඤයේ මාරියා බ්‍රැන්යාස් මොරේරා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මිය යන විට ඇය 117 හැවිරිදි වියේ පසුවුණා. ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසීල් රැන්ඩන්ගේ අභාවයෙන් පසු, මාරියා බ්‍රැන්යාස් මොරේරා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණා. මේ අනුව ඇයගේ…

සංවේදී වූ බයිඩ්න්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනයේ දී සංවේදී වුණා. චිකාගෝ හිදී ආරම්භ වූ පක්ෂ සම්මේලනය සඳහා බයිඩ්න්ට අමතරව අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් එක්ව සිටියා. එහිදී…

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි -සරත් ෆොන්සේකා

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බවත් එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසනවා. දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල හේතුවෙන් මේ වන විට…

මුදල් ආරවුලකට නැන්දණිය මැරූ නරුම බෑනා

ගලපිටමඩ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 55ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක්. මුදල් ආරවුලක් හේතුවෙන් සැකකරු, බිරිඳ හා බිරිඳගේ මව අතර බහින් බස්වීමක් සිදු කරගෙන ඇති…

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද…

චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන කොළඹදී පැවැත්වෙයි.

චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පසුගියදා ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘හායි චයිනා – හායි ශ්‍රී ලංකා‘ තේමාව යටතේ චීන මාධ්‍ය සමූහය සහ ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සංවිධාන කරනු ලැබූ එම වැඩසටහනට තරුණ තරුණියෝ විශාල…

එංගලන්තය සමග තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. හෙට පස්වරු 03.300 ට එම තරගය ආරම්භ වන අතර ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරුණු බවයි ශ්‍රී ලංකා…

මන්කිෆොක්ස් පාලනය කළ හැකියි -ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගය සාර්ථකව පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය නව ආකාරයේ වසංගත ව්‍යාප්තියක් වන නමුත් කොවිඩ්-19 මෙන් සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් නොකරනු ඇති බවයි එම සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශ කර ඇත්තේ.…

ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදයට ලැබුණු ඇරයුම පිළිගත් දිලිත්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 6 දෙනෙකු අතර පැවැත්වීමට නියමිත විවාදයට සහභාගි වන ලෙස මාර්තු 12 ව්‍යාපාරය විසින් කරන ලද ආරාධනය නිල වශයෙන් පිළිගත් බව ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා. ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක…