Month August 2024

බන්දුල ලාල් මන්‍ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

 බන්දුල ලාල් බණ්ඩාරිගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.  ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීම හේතුවෙනි.  මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු…

වගා හානි සදහා ගෙවන රක්ෂණ වන්දි මුදල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

වගා හානි සදහා අක්කරයකට ගෙවන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්කර තිබෙනවා. වගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා රජය විසින් නොමිලයේ ගෙවනු ලබන රුපියල් 40,000ක මුදල…

ධුරයෙන් ඉවත් වූ තලතා

තමන් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. අද (21) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පැවසුවා. මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් එම…

මෛත්‍රී රුපියල් මිලියන 100 ක පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ඔහු විසින් ගෙවා අවසන් කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල පසුගිය 16 වනදා ගෙවා අවසන් කර ඇති…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුව අද (21) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි සඳහන් වෙන්නේ. අද පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සුරාබදු…

IMF ගිවිසුම් පිළිබඳ ජනපති අපේක්ෂකයන් කියන කතා ගැන IMF අවධානයෙන්

ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් ගිවිසුම් පිළිබඳව ජනාධිපති ධුර අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවල කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර්ගේ ප්‍රධානත්වයෙන් යුතු, ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරන නිරීක්ෂණ කණ්ඩායමක් මේ…

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ජනපති පහදයි

රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප සියයට 24කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව…

මැයි 12 වැනිදා අනුරගෙන් ලියුමක් ගෝඨාභයට ලැබුණේ නෑ -හැකි නම් ඔප්පු කරන්න

රටේ පාලනය ඉල්ලා පසුගිය 2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කර ඇති ප්‍රකාශය පදනම් විරහිත බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය…

රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත නාමල්ගෙන් ඉවත් වී රනිල් ළඟට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා තම තීරණය වෙනස් කර ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය…

නාමල්ගේ මංගල රැලිය අද අනුරපුරේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන මංගල ජන රැලිය අනුරාධපුරයේදී අද (21) පැවැත්වේ. අනුරාධපුර, කඩපනහ ප්‍රදේශයේදී පස්වරු 2.00ට ආරම්භ වන මෙම ජන රැලිය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙන අතර ශ්‍රී ලංකා…