Month August 2024

මන්කිපොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ගුවන්තොටුපොළ මඟින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ ශ්‍රී ලංකාවේ  මන්කිපොක්ස් රෝගියෙක්…

දුම්රිය ටිකට් පත් අද සිට ඔන්ලයින් ගන්නේ මෙහෙමයි

දුම්රිය ටිකට්පත් අද සිට ඔන්ලයින් ක්‍රමයට මිළ දී ගැනීමේ හැකියාව ඇති  බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. මේ සඳහා pravesha.lk වෙබ් අඩවියට පිවිස ඔබගේ ටීකට්පත ලබා ගැනීමේ හැකියාව පවතියි. මෙලෙස ලබා ගන්නා ටිකට් පතක් වලංගුවන්නේ එහි සඳහන් දිනය සඳහා පමණි.

කටුනායක ගුවන් තොටුපළ දැක බලාගත් පොඩි හමුදුරුවෝ

කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ නැරඹීම සඳහා අද (22) එක් වී තිබිණි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 දිනට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් මෙම අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව හිමි කර දීමට…

IMF ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිවීමයි සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවේදී ජනපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද, එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…

ගංගාවල ජල මට්ටම තවදුරටත් අවදානම්

කළු, ගිං සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සදහන් කළේ, මේ හේතුවෙන් එම ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත්බිම් වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් කටයුතු…

පුංචි ඡන්දය හැකි ඉක්මනින් තියන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) ඒකමතික තීන්දුවක් ලබා දී තිබෙනවා ඒ අනුව හැකි පළමු අවස්ථාවේදීම එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 3 වැනිදා සිට 14 වැනිදා දක්වා

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 3 වැනිදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පවසනවා. ඒ අනුව ලබන 14 වැනිදා අදාළ බෙදාහැරීම් කටයුතු සිදු කෙරන බව සඳහන් නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ඒ…

පුංචි ඡන්ද කල්දැමීම – තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබ තිබූ…

තණමල්විල දැරිය දූෂණය කළ සැකකරුවන් අද අධිකරණයට

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ ආධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා එමෙන්ම, වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා…

රට උරගයින් සහ කිඹුල් පැටවකු විකිණීමට ගිය තිදෙනෙක් කොටු

නීතිවිරෝධීව විදේශ රටකින් මෙරටට ආනයනය කරන ලද උරගයින් සහ කිඹුල් පැටවකු අලෙවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අංගුවට ගෙන තිබෙනවා වත්තල පොලිස් ස්ථායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඇවරියවත්ත ප්‍රදේශයේ සුරතල් මසුන් අලෙවි කරනු ලබන ස්ථානයක සිදු කළ වැටලීමකදීයි…