Month August 2024

වියට්නාම ජනරජයේ 79 වැනි ජාතික දිනය සැමරීම කොළඹදී

සමාජවාදී වියට්නාම ජනරජයේ 79 වැනි ජාතික දිනය සැමරීම සහ ශ්‍රී ලංකා නව තානාපතිනිය පිළිගැනීමේ උත්සවය සැප්තැම්බර් මස 04 වැනි දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනී ට්‍රින් තී ටැම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට…

ෆර්මා සමාගමේ හිමිකරු අංගොඩ මානසික වෛද්‍ය රෝහලට ඉදිරිපත් කිරීමට නියෝග

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටන පළමු සැකකරු ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරයේ නොතබා අංගොඩ මානසික වෛද්‍ය රෝහලට ඉදිරිපත් කරන ලෙසට ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (29) නියෝග කළාය.…

මාලිමාවේ පත්‍රිකා බෙදූ පිරිසට 88-89 මතක් කර තර්ජනය කරලා

මාතලේ, බලකඩුව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසකට 88/89 කාලය මතක නැද්දැයි විමසා නැවත මේ පැත්තේ එන්න එපා යැයි කාන්තාවක ඇතුළු සිව්දෙනකු විසින් තර්ජනය කර පහරදීමට තැත් කළේ යැයි එම ආධාරකරුවන් මාතලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ජාතික…

පොලිසියේ 54,000ක් මැතිවරණ රාජකාරියේ

මෙවර ජනාධිපතිවරණය 2024 සඳහා පොලිස් නිලධාරීන් පනස් හතර දාහක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල මැතිවරණ මෙහෙයුම් රාජකාරි සඳහා අවම වශයෙන් නිලධාරීන් තුන්දෙනකුගෙන් යුත් ඒකකයක් මේ වන විට පිහිටුවා අවසන් බව මැතිවරණ…

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි තරගය එංගලන්තයේ ලෝඩ්ස් හිදී පැවැත්වෙනවා

වර්ණවත් සමාරම්භක උත්සවයකින් ඇරඹුණු පැරිස් පැරා ඔලිම්පික් උළෙල

2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භ කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේජාන්විතව ප්ලේස් ඩි ලා කොන්කෝඩ් වෙත පෙළපාළියකින් පැමිණ තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙන්ම, පැරාලිම්පික් සමාරම්භක උත්සවය ද ප්‍රංශ අගනුවර ක්‍රීඩාංගණයකින් පිටත පවත්වා ඇත්තේ පළමු වරට වීම විශේෂත්වයක්. 65,000 ක පිරිසක් මෙම…

ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූ YouTube සූපවේදියා

තායිලන්තයේ Koh Phangan දූපතේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ YouTube සූපවේදියෙකු වන Sancho Bronchalo හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. ඔහු එරට නළුවෙකුගේ පුත්‍රයෙකු ද වන අතර Bronchalo විසින් ඝාතනයට ලක් කර තිබුණේ කොලොම්බියානු ජාතික ප්ලාස්ටික් ශල්‍ය…

ෂැන්ෂාන් සුළි කුණාටුව ජපානයට

තද සුළං සහ ධාරානිපාත වර්ෂාවත් සමඟ ෂැන්ෂාන් සුළි කුණාටුව නිරිතදිග ජපානයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ හේතුවෙන්, විදුලිය විසන්ධි කිරීම, ගුවන් ගමනාගමනය අවුල් කිරීම සහ ප්‍රධාන කර්මාන්තශාලා වසා දැමීමට දැනුම් දී තිබෙනවා කලාපයට බලපෑ ප්‍රබලතම කුණාටුව…

ශ්‍රී ලංකාව පුරා ඇවිද යමින් වාර්තාවක් තැබූ තරුණයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ෂාහීද් තරුණයා කොළඹ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා…

මෙරට දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ඇරඹෙයි

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත් හි දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පළමු ගෙවීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය…