Month August 2024

අද සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට අත්හදා බැලිය හැකි බව ජනපති කියයි

මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය…

වසර ගණනාවකට පසු අයිස්ලන්තයේ ගිනිකඳු සක්‍රීය වෙයි

අයිස්ලන්තයේ Reykjavik අගනුවරට යාබද අර්ධද්වීපයේ නැවතත් ගිනිකඳු පිපිරීමක් ආරම්භ වී තිබෙනවා. වසර 50කට පසුව අයිස්ලන්තයේ සිදුවන දරුණුතම ගිනිකඳු පිපිරිම මෙය බව සඳහන්. වසරක් ඇතුළත එම ප්‍රදේශයෙන් සිදුවූ 6වැනි ලාවා මතුවීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. උතුරු අමෙරිකානු සහ යුරේසියානු…

SL vs ENG 1st Test: එංගලන්ත පළමු ඉනිම ලකුණු 358 කට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි. ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී Jamie Smith ලකුණු 111…

යාවත්කාලීන නොකළ රියදුරු බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳ පළවන තොරතුරු අසත්‍ය බවට අනාවරණයක්

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටිනවා. මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු…

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳීමට මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා නිලධාරීන් ලෙස මනාපය සංශෝධනය කිරීමට නැවත අවස්ථාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකගතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව එම…

සුව ඇමති කරාපිටිය ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

කරාපිටිය ජාතික රෝහලේ වැඩ අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා. එහිදී අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ජාතික රෝහලක් බවට පරිවර්තනය කරන ලද ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වසරක පමණ කාලයක්…

පලස්තීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සමුගැනීමේ හමුවකට එක් වෙයි

පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සයිඩ් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සමුගැනීමේ හමුවකට එක්වී තිබෙනවා. එහිදී පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන්. ශ්‍රී ලංකාව තවදුරටත් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී…

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 65 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මෙතෙක් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මැතිවරණ…

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුව ගැන මැතිවරණ කොමිසමට ලිපියක්

තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි. රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  තලතා අතුකෝරල මහත්මිය 2024 අගෝස්තු  මස 21 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා…