Month August 2024

ගතවූ මාසයක කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

මේ මාසයේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන්…

හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන යිට ඒ මහතාගේ වයස අවුරුදු 76කි. රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වේ. ඒ මහතා ප්‍රථමයෙන්…

රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා – හරිනි

දේශපාලන හේතු මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගකීම් පැහැරහැ​ර, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනාධිපතිවරයාගේ හැසිරීම මඟින් ව්‍යවස්ථාපිත යුතුකමක් වන…

වරකාපොල ජන රැළියේදී සජිත්ට සහයට ආ පිරිස

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් පිරිසක් සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්ව තිබෙනවා ඒ ඊයේ (23) වරකාපොල පැවැති ජන රැලියේදී එම පිරිස විපක්ෂ නායකවරයාට සහය…

අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

අති පුරාණ ශ්‍රී පත්තිනි දේවාල මහා පෙරහර හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ 143 මාර්ගයේ රථ වාහන ගමනාගමනය අද (24) රාත්‍රීයේ සීමා කරන බව පොලිසිය පවසනවා ඊට අදාළ නිවේදනය පහතින්

බෙදෙනවා වෙනුවට එකතුවෙමු -සජිත්ගෙන් ඇරයුමක්

එකිනෙකා බෙදා වෙන් නොකොට එකමුතුව, සංහිඳියාව සහෝදරත්වය සහ මිත්‍රශීලීත්වය තුළ රටක් ලෙස සැමට ජයග්‍රහණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටිනවා. පසුගිය සමයේ ක්‍රියා කළ රජයන් ආගම, ජාතිය, භාෂාව සහ කුලය මූලික කරගනිමින් මේ රට ජන…

28 වැනිදා පාකි­ස්තා­නයේ වැඩ වර්ජ­න­යක්

පාකි­ස්තා­නයේ ආදා­යම් බදු දෙපා­ර්ත­මේ­න්තුව විසින් හඳුන්වා දී ඇති නව බදු යෝජනා ක්‍රම­යට එරෙ­හිව ලබන 28 වැනිදා රට පුරා දැවැන්ත වැඩ වර්ජ­න­යක් ක්‍රියා­ත්මක කිරී­මට එරට ව්‍යාපා­රි­ක­යන් තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටජීර් ඩොස්ත් නමින් හඳුන්වා දී ඇති එම බදු…

තායි­ල­න්ත­ය­ටත් වඳුරු උණ

අප්‍රි­කානු මහා­ද්වී­පයේ දරුණු ලෙස ව්‍යාප්ත වූ වඳුරු උණ වසං­ග­තය ආසි­යා­ව­ටත් පැති­රීමේ අව­දා­නම ඉස්මතු කර­මින් තායි­ල­න්ත­යෙන් ආසා­දි­ත­යකු හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට බෝවෙන රෝග නිවා­රණ මධ්‍ය­ස්ථා­න­යට අනුව එම රෝගියා 66 හැවි­රිදි යුරෝ­පීය ජාති­ක­යකු වන අතර, ඔහු පසු­ගිය 14…

අල්ලස් ලබාගත් සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. පැමිණිලිකරුට අයත් බස් රථය ධාවනය කිරීමට ලබා දී…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් කරන්නේ නැහැ – අනුර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. සමාජයේ මුල් පවුරු නිර්මාණය වී තිබෙන්නේ බුදුදහම පදනම් වී බවත් ජාතික ජන බලවේගය අක්මුල් නොමැති ජාතියක් ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපාරයක් නොවන…