Month August 2024

ශ්‍රී ලංකාවට එරෙහිව නවක වේගපන්දු යවන්නෙක් එංගලන්තයෙන්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා වන එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා තිබෙනවා. ආබාධයකට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවට ඔහු මෙලෙස සංචිතයට කැඳවා ඇති බව සඳහන්. 20 හැවිරිදි වියේ පසුවන…

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (26) සිදුවුණා. ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ලෙස එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා.

මරදානේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මරදාන දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ (25) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් 19 හැවිරිදි වියේ පසුවූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද සිට ඇරඹුණු තෙවන පාසල් වාරය

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වුණා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. දෙවන පාසල් වාරය අවසන් වුණේ පසුගිය 16 වන සිකුරාදා දිනයේදීයි.

ප්‍රධාන මාර්ගයක දුම්රිය ප්‍රමාදයක්

රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දැනුම් දී තිබේ. ඒ අනූව ප්‍රධාන දුම්රිය මාර්ගයෙ සහ උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (26) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 28 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 100,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක, දින 182කින් කල්පිරෙන රුපියල්…

හිස්බුල්ලා සංවිධානයේ රොකට් ප්‍රහාරයෙන් -ඊශ්‍රායලයට පැය 48ක හදිසි තත්ත්වයක්

ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් සහයෝගයක් නොලැබීමත් සමඟ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ නගර කිහිපයක් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, ඊට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද විදෙස්…

ඉතිහාසයේ පළමුවතාවට ඉන්දීය නායකයෙක් යුක්රේනයේ

වසර 1991දී නිදහස් රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමෙන් පසු යුක්රේනයේ සංචාරය කළ පළමු ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ඉතිහාසයට එක්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ සමීපතම මිතුරකු වන ඉන්දියාව එහි ප්‍රතිවාදී රටෙහි සංචාරය කිරිම ජාත්‍යන්තර මාධ්‍ය හා ලෝක…

පාකිස්තානයේ ඖෂධ මිල අහස උසට

උග්‍ර ආර්ථික අර්බුදය මැද පාකිස්තානයේ ඖෂධ මිල සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඖෂධ මිල ඉහළ යෑමට අමතරව දරුණු රෝගාබාධ සඳහා ලබා දෙන ඖෂධ හිඟවීමත් හේතුවෙන් එරට ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත්…