වියට්නාම ජනරජයේ 79 වැනි ජාතික දිනය සැමරීම කොළඹදී

සමාජවාදී වියට්නාම ජනරජයේ 79 වැනි ජාතික දිනය සැමරීම සහ ශ්‍රී ලංකා නව තානාපතිනිය පිළිගැනීමේ උත්සවය සැප්තැම්බර් මස 04 වැනි දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනී ට්‍රින් තී ටැම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිත අතර එහි වැඩ කටයුතු පස්වරු 3.30ට ආරම්භ වේ. ශ්‍රී ලංකා – වියට්නාම සහයෝගිතා සංගමයේ උප සභාපති ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙහි මුලසුන හොබවන අතර ප්‍රධාන දේශනය හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා සිදු කරනු ලබයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා – වියට්නාම සහයෝගිතා සංගමය පවසයි.