මෙරට දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ඇරඹෙයි

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත් හි දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා පළමු ගෙවීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා වෙත භාර දී ඇති බව සඳහන්.

ඒ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී

ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නොවන දූපත් 3 හි ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 11 ක ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.