බොරු කියා රට හදන්න බෑ – සත්‍ය සමඟ ඉදිරියට යමු -ජනපති රනිල්

මේ රටේ දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවල බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව මුලා කිරීම නිසා රටේ ආර්ථිකය කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

නැවත රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට කිසිඳු අවස්ථාවක් නොමැති අතර බොරු පොරොන්දුවලට මුලාවී අසීරුවෙන් ගොඩගත් රට විනාශ නොකළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (30) කුරුණෑගල පැවති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විශේෂ මහා සමුළුව අමතමින්.