වැටුණු වෙලාවේ රට ගොඩ ගැනීමේ අභි­යෝ­ගය භාර ගත්තේ ජනා­ධි­ප­ති­තු­මා විතරයි දැන් රට හරි පාරට ඇවිත් – ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නා­යක

රට වැටුණ අව­ස්ථාවේ එම අභි­යෝ­ගය භාර ගනි­මින් නැවත රට ගොඩ ගැනීමේ කාර්යය රටේ ප්‍රධාන විප­ක්ෂ­යට පැව­රුණ ද විපක්ෂ නාය­ක­තු­මන් එම අභි­යෝ­ගය භාර නොගත් අතර මීළ­ඟට සිටින විප­ක්ෂය වන ජ.වි.පෙර­මුණ ද එය මඟ­හැර සිටි අව­ස්ථා­වක තනි මන්ත්‍රී­ව­ර­යෙක් වූ රනිල් වික්‍ර­ම­සිංහ මහතා එම අභි­යෝ­ගය භාර­ගෙන අවු­රුදු දෙකක් තුළ රට නිවැ­රදි මාව­ත­කට ගෙන ආ බව ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නා­යක මහතා පැව­සීය.

ඒ මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියේ රාජ­ගි­රියේ ඔබේ­සේ­ක­ර­පුර ප්‍රජා­ශා­ලා­වේදී රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී මධුර විතා­නගේ මහතා විසින් සංවි­ධා­නය කළ ජන හමු­වක් අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා,

Òඑදා පාර්ලි­මේ­න්තුවේ හිටපු මැති ඇමැ­ති­ව­රුන් රට ගැන හිතලා රනිල්ට පූර්ණ සහාය ලබා දුන්නා. එදා තිබුණු තෙල් පෝලිම් ගැන ගෑස් පෝලිම් ගැන අද ජන­තා­වට මතක නැහැ. ඒ අද රට සාමාන්‍ය තත්ත්ව­යට පත්වෙලා තිබෙන නිසයි. එදා බඩු මිල වැඩි­වීමේ වේගය 75%ක් ද වෙලා තිබුණා. නමුත් අද එය 3%ක් දක්වා අඩු­කර ගැනී­මට අපට හැකි වෙලා තියෙ­නවා. රුපි­යල ශක්ති­මත් වෙද්දි තව­දු­ර­ටත් බඩු මිල පහත වැටෙ­නවා. ඒ වගේම තමයි අද රටේ සංචා­ර­කයෝ වැඩි­වෙලා.

නිෂ්පා­දන ආර්ථි­ක­යක් මඟින් ධන ආර්ථි­ක­යක් ඇති කරලා විදේශ ආදා­යම් වැඩි­වෙලා තියෙ­නවා. අද ජාත්‍ය­න්ත­ර­යෙන් අපිට ආධාර ලැබෙ­නවා. මේ යන ගමන වෙනස් වුණොත් රට ආපහු හිටපු තැනට වැටෙන්න පුළු­වන්.