රටේ තරුණ ප්‍රජාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් යෝජනා ඉදිරිපත් කරන සහ ඒවා ක්‍රියාත්මක කළ හැකි අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන බව ‘තාරුණ්‍යයට ජවය’සංවිධානයේ සභාපති ප්‍රසන්න දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
එහි වැඩිදුරටත් මෙලෙස ද සඳහන් වේ.
“රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුබවාදීව ගොඩනැංවීමට නම් ඒ සඳහා රටට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මැතිවරණ කාල සීමාවේදී විවිධ දේශපාලන පොරොන්දු දෙමින් තරුණ ප්‍රජාවගේ සහයෝගය ගනිමින් දේශපාලනඥයන් බලයට පැමිණීමේ තත්ත්වයක් පසුගිය කාලයේ අපට දක්නට ලැබුණා. එවැනි අවස්ථාවකට ඉඩ නොතබා තරුණ ප්‍රජාවගේ අනාගතය ගොඩනැංවීමට ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යව තිබෙනවා.
වත්මන් සමාජයේ පවතින අතිශය තරගකාරිත්වය මෙන්ම විවිධත්වය හේතු කොටගෙන තරුණ තරුණියන් විවිධාකාර වූ ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. එය රටේ ජාතික ආර්ථිකයට මෙන්ම රටේ සංවර්ධනයට බලපෑමක් එල්ල කර තිබෙනවා. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, රටේ සංවර්ධනය වේගවත් කිරීමටත් තරුණ ජවය අතිශය වැදගත් වෙනවා. තරුණ ජවය කාර්යක්ෂමව සහ එලදායිව උපයෝගි කරගැනීමට නිසි වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. අද්‍යතන ලෝකය ඩිජිටල්කරණය වූ විශ්ව ගම්මානයක් බවට පත්ව තිබෙනවා. එයට මුහුණ දිය හැකි තරුණ ප්‍රජාවක් ගොඩනැංවීම තාරුණ්‍යයට ජවය සංවිධානයේ අරමුණයි. තරුණ ප්‍රජාවගේ අධ්‍යාපනික, වෘත්තිය පුහුණු, රැකියා හා සමාජීය ගැටලු විසඳමින් ඔවුන්ගේ අනාගතය සමෘද්ධිමත් කරලීම අපගේ වගකීමක්.
අධ්‍යාපනික, වෘත්තිය පුහුණු අවස්ථා, රැකියා හා සමාජීය ගැටලුවලට මුහුණ දෙමින් සිටින තරුණ ප්‍රජාව නිවැරදි මඟ පෙන්වීම සහ හැඩගැස්වීමට ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අපේක්ෂකයකුට සහාය දීමට කටයුතු කරනවා. ඉදිරි දින කිහිපයේ එය අධ්‍යයනය කරමින් ‘තාරුණ්‍යයට ජවය’ සංවිධානයේ සහායෝගය දෙන අපේක්ෂකයා නම් කරනවා.”