ක්ලබ් වසන්ත ඝාතනයට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි වෙඩික්කරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) දිනයේ පින්වත්ත පොලිස් වසමේ පිරිවෙන හංදියේ බස්නැවතුම්පල අසලදී මෙම ඝාතනයේ වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කළ සැකකරුවෙකු හා මෝටර් රථය පැදවූ බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගත්තා

ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මතයි අමල් සිල්වා අත්ඩංගුවට ගෙන ඇත්තේ

සැකකරුවන්ට හිටපු මන්ත්‍රීවරයා විසින් පානදුර පින්වත්තේ පිහිටි ඔහුගේ නිවසේ මාසයකට ආසන්න කාලයක් නවාතැන් ලබා දී ඇති බව ද මේ වන විට අනාවරණය වී තිබෙනවා