රට ආප­ස්සට ගෙන නොයන ප්‍රායෝ­ගි­කව කළ­හැකි යෝජනා ඉදි­රි­පත් කිරීම අපේ­ක්ෂකයන්ගේ වග­කී­මක් කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර

රට ආප­ස්සට සහ අඳු­රට ගෙන යන යෝජනා ඉදි­රි­පත් නොකර ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කළ­හැකි යෝජනා ඉදි­රි­පත් කිරීම සියලු ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන්ගේ වග­කී­මක් බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් මෙසේ අත්හදා බැලීම් කිරී­මට යෑමෙන් වන්නේ රටේ සිය­ලුම දෙනා පීඩා­වට පත්වී­මක් බවද ඇමැ­ති­ව­රයා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා මෙසේද පැව­සීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නැතිව මේ අපේ­ක්ෂ­ක­යන් කියන දේවල් අනුව එක දෙයක් පැහැ­දි­ලියි. ඒ තමයි ඒ අය IMF අනුව යන්නේ නැහැ. එත­කොට නැව­තත් ඇති­වන ප්‍රති­ඵ­ලය මොකද්ද? ඉතා­මත්ම භයා­නක ප්‍රති­ඵ­ල­ය­කට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ඩොලර් මිලි­යන 20ක් පමණ තිබුණු විදේශ සංචි­තය දැන් 6000කට ආසන්න වෙලා තිබෙ­නවා. ඒ ටික ඉවර වෙන­කම් යන්න පුළු­වන්. අපි 17 වතා­වක් IMF එකත් එක්ක කට­යුතු කර ඉවත් වෙලා තිබෙ­නවා. මේ කාට හරි බලය යනවා කියන්නේ 18 වැනි වතා­ව­ටත් IMF එකෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. එත­කොට ඒකෙ ප්‍රති­ඵ­ලය වෙන්නේ මොකද්ද? අපේ රට වගේ රට­ව­ල්ව­ලට අව­සාන ණය දෙන IMF එක ණය දෙන්නේ නැති වෙන­කොට, උදව් උප­කාර නැති වෙන­කොට, ණය ආධාර රට­වල් සමඟ නැති වෙන­කොට රට දුවන්න බැහැ. ඉතුරු කර­ගත්ත ඩොලර් මිලි­යන 6000ක විතර ප්‍රමා­ණ­යෙන් තෙල් ටික ගේන්න සහ බෙහෙත් ටික ගේන්න වගේ දේව­ල්ව­ලට මාස 6ක් 7ක් වගේ භාවිත කරන්න පුළු­වන් වෙයි. ඊට පස්සෙ මොකද වෙන්නේ. අපේ රටට නැව­තත් විදේශ විනි­මය නැති වෙනවා. නැව­තත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ගොවීන් පාරට බහින යුග­යක්, පැය 12ක් 13ක් විදු­ලිය කප්පාදු කරන යුග­ය­කට තමයි යන්න වෙන්නේ. රට ආප­ස්සට සහ අඳු­රට ගෙන යන යෝජනා ඉදි­රි­පත් කරන්නේ නැතිව මේ වෙලාවේ සිය­ලුම අපේ­ක්ෂ­ක­යන්ට වග­කී­මක් තිබෙ­නවා ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කරන්න පුළු­වන් යෝජනා ඉදි­රි­පත් කරන්න. එක කණ්ඩා­ය­මක් කිය­නවා IMF ගිවි­සුම සංශෝ­ධ­නය කර­නවා කියලා. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අත්සන් කරන දෙයක් නම් සංශෝ­ධ­නය කරන්න පුළු­වන්. නමුත් මේ දේවල් පාර්ලි­මේ­න්තු­වට දාලා අනු­මැ­තිය අරන් රජ­යක් විදි­ය­ටයි අත්සන් කර තිබෙන්නේ. ඒක සංශෝ­ධ­නය කරන්න පුළු­වන් වෙන්නේ නැහැ. තවත් කට්ටි­යක් කිය­නවා වැට් එක අඩු කර­නවා සහ නැති කර­නවා කියලා. ඒ කියන්නේ කෙළින්ම නොකියා කියන්නේ අපි IMF එකෙන් අයින් වෙනවා කියලා. අත්හදා බැලීම් කරන්න ගිහින් රටේ මුළු ජන­තා­ව­ටම පීඩා­වට පත් වෙන්න සිදු වේවි.

පසු­ගිය කැබි­නට් මණ්ඩල රැස්වී­මේදී අපේ ගොවි ජන­තාව වෙනු­වෙන් ජනා­ධි­පති ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය වැද­ගත් තීරණ කිහි­ප­ය­කට අනු­මැ­තිය හිමි­වුණා. 2024 මහ කන්නයේ සිට වී වගා­වට අවශ්‍ය පොහොර මිලදී ගැනී­මට දෙන සහ­නා­ධාර මුදල රුපි­යල් 25,000ක් දක්වා ඉහළ නැංවීම ඉන් පළමු වැන්නයි. මේ පොහොර සහ­නා­ධාර මුදල මේ යල කන්න­යේදී රුපි­යල් 10,000ක් වශ­යෙන් ලබා­දුන් අතර ලබන මහ කන්නයේ සිට ඒ මුදල රුපි­යල් 15,000 දක්වා වැඩි කිරී­මට මින් පෙර තීර­ණය වුණා. ලබන මහ කන්න­යේදී වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ බණ්ඩි පොහොර  ප්‍රමා­ණ­යම නොමිලේ ලබා­දී­මට ද පිය­වර ගෙන ඇති නිසා වී වගා­වට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමා­ණ­යම ගොවීන්ට නොමිලේ හිමි­වෙ­නවා යැයිද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.