මුල්කි­රි­ගල සජබ ගුරු සංග­මයේ සභා­පති එජා­ප­යට

මුල්කි­රි­ගල ආස­නයේ සමඟි ජන බල­වේ­ගයේ ගුරු වෘත්තීය සංග­මයේ සභා­පති ආරි­ය­රත්න ඒක­නා­යක මහතා එක්සත් ජාතික පක්ෂ සාමා­ජි­ක­ත්වය ගෙන ඇත.

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය දක්ව­මින් මුල්කි­රි­ගල ආස­නයේ සමඟි ජන බල­වේ­ගයේ ගුරු වෘත්තීය සංග­මයේ සභා­පති ආරි­ය­රත්න ඒක­නා­යක මහතා එක්සත් ජාතික පක්ෂ සාමා­ජි­ක­ත්වය ලබා ගත්තේය.

සිරි­කොත පක්ෂ මූල­ස්ථා­න­යේදී එක්සත් ජාතික පක්ෂයේ මහ­ලේ­කම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් පෙරේදා (27) ඒ මහ­තාට පක්ෂ සමා­ජි­ක­ත්වය පිරි­න­මන ලදී.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හම්බ­න්තොට දිස්ත්‍රික් වෘත්තීය සමිති සංවි­ධා­යක ලෙස ද ආරි­ය­රත්න ඒක­නා­යක මහතා පත්ක­රන ලදී. මෙතෙක් කාල­යක් සමඟි ජන බල­වේ­ගය වෙනු­වෙන් වීර­කැ­ටිය ප්‍රාදේ­ශීය සභාවේ මැති­ව­රණ මෙහෙ­යුම් ප්‍රධානී ලෙස කට­යුතු කරන ලද්දේ ද ඒ මහ­තාය.