මාලි­මාවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය ප්‍රායෝ­ගික නැති හුදු ලිය­වි­ල්ලක් පම­ණයි ජාතික බැංකු සේවක සංග­මයේ ලේකම් අසේල ප්‍රනාන්දු

ජාතික ජන බල­වේ­ගය පක්ෂයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය කිසි­සේත් ප්‍රායෝ­ගික නොවන හුදු ලිය­වි­ල්ලක් පම­ණක් බවත්, එහි ඇතු­ළත් ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය මූල්‍ය ප්‍රති­පා­දන ප්‍රමා­ණය හෝ එය සොයා­ගැ­නීමේ ක්‍රම­වේ­දය පිළි­බ­ඳව ද ඔවුන්ට අව­බෝ­ධ­යක් නැති වග ඒ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යෙන් පැහැ­දිලි වන බවත් ජාතික බැංකු සේවක සංග­මයේ ලේකම් අසේල ප්‍රනාන්දු මහතා පැවැ­සීය.

ඔහු මේ බව සඳ­හන් කළේ කොළඹ, මල් පාරේ පිහිටි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ දේශ­පා­ලන කාර්යා­ලයේ පෙරේදා (27) පැවති මාධ්‍ය හමු­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජාතික බැංකු සේවක සංග­මයේ ලේක­ම්ව­රයා මෙසේ ද පැව­සීය.

‘ජාතික ජන බල­වේ­ගය පක්ෂයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය අධ්‍ය­ය­නය කිරී­මේදී අපට හැඟී ගියේ එහි තේමාව ‘සිහින පාරා­දී­ස­යක් – බිලි­යන ගණ­නා­වක්’ ලෙස සංශෝ­ධ­නය විය යුතු බවයි. එහි සඳ­හන් පොරොන්දු ඉටු කිරී­මට කොත­රම් මූල්‍ය ප්‍රති­පා­දන ප්‍රමා­ණ­යක් අව­ශ්‍යය ද, ඒවා සප­යා­ගන්නේ කෙසේද යන්න සම්බ­න්ධ­යෙන් ඔවු­න්ටත් අද­හ­සක් නැති බව එය කිය­වන විට තහ­වුරු වෙනවා. ඒත් එය කිය­වන කෙනකු සිහින පාරා­දී­ස­ය­කට නම් රැගෙන යනවා.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් රාජ්‍ය සේවයේ අවම වැටුප රුපි­යල් පනස් පන් දහස දක්වා ගෙන එන යෝජ­නාව 2025 අය-වැයට ඉදි­රි­පත් කරන බව පැවැ­සුවා. ඒ වගේම ජීවන විය­දම් දීම­නාව රුපි­යල් විසි පන් දහස දක්වා වැඩි කරන බවත් ප්‍රකාශ කළා. පසු­ගිය කාලයේ ජාතික ජන බල­වේ­ගයේ වෘත්තීය සමිති වැඩ වර්ජන කර­මින් ඉල්ලා සිටියේ මේ ඉල්ලීම් නොවේද? එහෙත් වෘත්තීය සමිති රැසක් සිටින ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ රාජ්‍ය සේවය පිළි­බඳ කිසි­වක් සඳ­හන් වී නැත්තේ ඇයි කියා අප ප්‍රශ්න කර­නවා.

එසේම ජනා­ධි­ප­ති­තුමා මේ වන විටත් පුද්ගල ආදා­යම් මත පනවා ඇති බදු අඩු කිරීම පිළි­බඳ ප්‍රශස්ත යෝජ­නා­වක් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල වෙත ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒ පිළි­බඳ නිර්දේශ ලද වහා එය ක්‍රියා­ත්මක කළ හැකියි. එහෙත් පුද්ගල ආදා­යම් මත පනවා ඇති බද්ද රුපි­යල් ලක්ෂයේ සිට රුපි­යල් ලක්ෂ දෙකේ සීමා­වට ගෙන එන බවට මොවුන් යෝජනා කර තිබෙ­නවා. මෙය බැලූ බැල්මට හොඳ යෝජ­නා­වක් වුවත් එහිදී අහිමි වන රුපි­යල් බිලි­යන හැට අටක රාජ්‍ය ආදා­යම සොයා­ගන්නේ කෙසේද යන්න මෙහි කොතැ­න­ක­වත් සඳ­හන් කර නෑ. ඔවුන්ගේ උත්ත­රය වන්නේ ගෙවීම් පැහැ­ර­හ­රින ලද බදු මුද­ලින් එම ආදා­යම් සොයා ගන්නා බවයි. මේ කියන ආකා­ර­යට ඉතා ඉක්ම­නින් හා පහ­සු­වෙන් හිඟ බදු අය කර­ගැ­නී­මට හැකි­යා­වක් නෑ. පසු­ගිය ගෝඨා­භය රාජ­පක්ෂ පාල­නය ද වැට් අඩු කළේ මේ ආකා­ර­ය­ටයි. ඒ නිසා මාස කිහි­ප­යක් ගිය තැන ආර්ථි­කය දරුණු ලෙස කඩා­වැ­ටුණා. රටේ අර­ග­ල­යක් ද ඇති වුණා. ඒ අනුව නැව­තත් ගෝල්ෆේස් අර­ග­ල­යක් කරා රට තල්ලු වෙයි ද කියා මෙහිදී අප ප්‍රශ්න කර­නවා.

ඒ වගේම වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති ප්‍රති­පත්ති සහ යෝජනා ගණ­නා­වක් ද ඔවුන්ගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යට ඇතු­ළත්ව තිබෙ­නවා. උදා­හ­ර­ණ­යක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ට සහන සැල­සී­මට නව බැංකු­වක් ආරම්භ කරන බව ‍එහි සඳ­හන් වනවා. ඒත් මහ බැංකුවේ නිර්දේශ පරිදි සෑම වාණිජ බැංකු­ව­කම මේ සඳහා වෙනම ඒක­ක­යක් මේ වන විටත් ස්ථාපිත කර තිබෙ­නවා. ඒ වගේම ප්‍රති­පත්ති පොලී අනු­පා­තික ස්ථායි කරන බව පව­ස­නවා. එහෙත් මේ රටේ ප්‍රති­පත්ති පොලී අනු­පාත මේ වන විට පහළ ගොස් තව­දු­ර­ටත් ස්ථායි වෙමින් පව­තින බව බැංකු වෘත්ති­ක­යන් ලෙස අප මේ රටේ ජන­තා­වට සඳ­හන් කර­නවා.

ඊට අම­ත­රව ආයෝ­ජන ගැන කතා කර තිබෙ­නවා. 1977 සිට මේ දක්වා මේ රටට කිසිම විදේශ ආයෝ­ජ­න­යක් ගෙන ඒමට ඉඩ නොදී උද්ඝෝ­ෂණ, වැඩ වර්ජන කර ඒවා කඩා­ක­ප්පල් කළ ජවිපෙ මෙවර ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ පරි­ච්ඡේ­ද­යක්ම ආයෝ­ජන සම්බ­න්ධව වෙන් කර තිබීම විහි­ළු­වක් වුවත් එය සතුටු විය හැකි කාර­ණ­යක් බව පැවැ­සිය යුතුයි.

තවද අස්වැ­සුම ප්‍රති­ලාභ වෙනු­වට රුපි­යල් දස දහ­සක් දුප්පත් පවුල් සඳහා දෙන බව මෙහි සඳ­හන් වෙනවා. අස්වැ­සුම ප්‍රති­ලාභ දෙන්නේ කාණ්ඩ කිහි­ප­යක් යටතේ. එහිදී දැඩි ආර්ථික දුෂ්ක­රතා ඇති පවු­ල­කට රුපි­යල් පහ­ළොස් දහ­සක් දෙනවා. එසේ නම් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බල­වේ­ගය මේ රුපි­යල් පහ­ළොස් දහස ලබන පවු­ල­ටත් දෙන්නේ රුපි­යල් දස දහ­සක්ද කියා අප ප්‍රශ්න කර­නවා. ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ සඳ­හන් ආකා­ර­යට නම් පැහැ­දි­ලිව ඉතා දුෂ්ක­රම ආර්ථික තත්ත්වයේ සිටින පිරි­සට ලැබෙන මුද­ලෙහි කප්පා­දු­වක් සිදු වෙනවා. ඒ වගේම මේ මුදල් සොයා­ගැ­නීමේ ක්‍රම­වේ­දය කුමක්ද කියා මෙහි කිසිම ආකා­ර­ය­කින් සඳ­හන් කර නෑ.

සැබැ­වින්ම මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය අධ්‍ය­ය­නය කිරී­මෙන් පෙනී යන්නේ එය කිසි­සේත් ප්‍රායෝ­ගික නොවන යෝජනා ඇතු­ළත් හුදු ලිය­වි­ල්ලක් බවයි. ඒ නිසා මෙය විච­ක්ෂ­ණ­ශී­ලිව කියවා බලා ඒවා ප්‍රායෝ­ගික, යාථා­ර්ථ­වාදි යෝජනා ද යන්න වට­හා­ගන්නා ලෙස අප ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා. මේ රටට හා අව­ස්ථා­වට ගැළ­පෙන ආර්ථික ප්‍රති­ප­ත්ති­ය­කින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ රට ගොඩ­දැමූ බව අප දන්නවා. එම වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන ගොස් රටේ ආර්ථි­ක­යත් අපේ ආර්ථි­ක­යක් ගොඩ­න­ඟා­ග­න්නවා ද යන්න ඔබ තීර­ණය කළ යුතුයි.’

ජ්‍යෙෂ්ඨ බැංකු කළ­ම­නා­කාර (විශ්‍රා­මික) ගාමිණී සේනා­නා­යක මහතා

‘ණය ප්‍රශ­ස්ත­ක­ර­ණ­යෙන් පසු 2028 වසරේ සිට සාමාන්‍ය පරිදි රට පව­ත්වා­ගෙන යෑමට හැකි වන වැඩ­ස­ට­හ­න­කට අයි­එ­ම්එෆ් සංවි­ධා­නය විසින් ශ්‍රී ලංකාව ඇතු­ළත් ‍කර තිබෙ­නවා. රජය ‍කටයුතු කර­මින් සිටින්නේ ඒ අනු­වයි. කිසි­යම් පාර්ශ්ව­යක් මේ වැඩ­ස­ට­හ­නින් ඉවත් වනවා නම් නැව­තත් මේ රට ආර්ථික වශ­යෙන් අර්බු­ද­යට ලක් වී ගොඩ­ගැ­නී­මට නොහැකි තත්ත්වයේ ගරා­වැ­ටී­ම­කට ලක් වෙනවා. ඇත්ත වශ­යෙන්ම මේ අව­ස්ථාවේ මේ රටට අවශ්‍ය වන්නේ මේ වන විට ගොඩ­නඟා ගනි­මින් පව­තින රටේ ආර්ථි­කය ශක්ති­මක් කිරීමේ වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යන නාය­ක­යකු මිස කවු­රුන් හෝ පක්ෂ­යක නාය­ක­යෙක් නොවෙයි. අයි­එ­ම්එෆ් වැඩ­ස­ට­හන විධි­මත්ව ක්‍රියා­ත්මක කර­මින්, ජාත්‍ය­න්ත­රයේ පවා ඇග­යු­මට ලක් වන ආකා­ර­යෙන් මේ රට නැවත නඟා­සි­ටුවූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ නාය­ක­ත්වය මේ රටට තව­දු­ර­ටත් අවශ්‍ය වන්නේ ඒ නිසයි.’