බෙංගාල මහ­ ඇ­මැ­ති­නි­යට එරෙ­හිව භාර­තීය ජනතා පක්ෂ­යෙන් වැඩ වර්ජ­න­යක්විරෝ­ධතා පා ගම­නට එක්වූ සර­සවි සිසු­ සි­සු­වියෝ 200ක් අත්අ­ඩං­ගුවේ

ඉන්දි­යාවේ බට­හිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමැ­ති­නිය සමස්ත ඉන්දීය ත්‍රිණ­මූල් කොංග්‍රස් පක්ෂයේ නායිකා මමතා බෙන­ර්ජිට සිය ධුර­යෙන් ඉල්ලා අස්වන ලෙස බල කර­මින් පෙරේදා  කල්කටා නුවර පැවැති විශ්ව­වි­ද්‍යාල සිසු­සි­සු­වි­යන්ගේ විරෝ­ධතා පා ගම­නට පොලි­සි­යෙන් පහර දීමට එරෙ­හිව එම ප්‍රාන්තයේ භාර­තීය ජනතා පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ගේ මූලි­ක­ත්ව­යෙන් පැවැති පැය 12ක වැඩ වර්ජ­නය පොලි­සියේ මැදි­හ­ත්වී­මෙන් අසා­ර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භාර­තීය ජනතා පක්ෂ­යට සහාය පළ කළ ව්‍යාපා­රි­ක­යන් සිය ව්‍යාපා­රික ස්ථාන වසා දම­මින් වර්ජ­න­යට එක්වු­වද, මහ­ඇ­මැ­තිගේ ත්‍රිණ­මූල් කොංග්‍ර­සයේ හිත­වා­දීන් සිය ව්‍යාපා­රික ස්ථාන විවෘතව තැබී­මට පිය­වර ගත් බවත්, වැඩ වර්ජ­න­යට එරෙ­හිව උද්ඝෝ­ෂ­ණ­යක නිරත වීමෙන් දෙපා­ර්ශ්වය අතර උණු­සුම් තත්ත්ව­යක් ඇති වූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

වැඩ වර්ජ­නය අත­ර­තුර පොලි­සිය විසින් භාර­තීය ජනතා පක්ෂයේ බෙංගාල ප්‍රාන්ත නාය­ක­යන් ඇතුළු පිරි­සක් රඳවා තබා ගැනී­මට පිය­වර ගෙන ඇතැයි ද වාර්තා වේ.

ඉන්දි­යාවේ බට­හිර බෙංගා­ලයේ වෛද්‍ය­ව­රි­යක දූෂ­ණය කර ඝාත­න­යට ලක් කිරීමේ සිදු­වීම සම්බ­න්ධව මේ දක්වා යුක්තිය ඉටු නොවීම හේතු­වෙන් පෙරේදා පැවැති සර­සවි සිසු­සි­සු­වි­යන්ගේ විරෝ­ධතා පා ගම­නට පොලි­සි­යෙන් පහ­ර­දී­මෙන් පසු ප්‍රච­ණ්ඩ­කාරී මුහු­ණු­ව­ර­කට හැරුණු අතර, කුපිත වූ සිසු­සි­සු­වි­යන් පොලි­සි­යට පහ­ර­දුන් බවත්, 200කට අධික සිසු­සි­සු­වි­යන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට පත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.