තාරු­ණ්‍යයේ අනා­ග­තය සමෘ­ද්ධි­මත් කරන අපේ­ක්ෂ­ක­ය­කුට සහාය දෙනවා ‘තාරු­ණ්‍ය­යට ජවය’ සංවි­ධා­නයේ සභා­පති ප්‍රසන්න දිසා­නා­යක

රටේ තරුණ ප්‍රජා­වගේ අනා­ග­තය සමෘ­ද්ධි­මත් කිරී­මට ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් යෝජනා ඉදි­රි­පත් කරන සහ ඒවා ක්‍රියා­ත්මක කළ හැකි අපේ­ක්ෂ­ක­ය­කුට ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සහාය දෙන බව ‘තාරු­ණ්‍ය­යට ජවය’සංවි­ධා­නයේ සභා­පති ප්‍රසන්න දිසා­නා­යක මහතා පව­සයි.

ඒ මහතා මේ අද­හස් පළ කළේ මාධ්‍ය වෙත නිවේ­ද­න­යක් නිකුත් කර­මිනි.

එහි වැඩි­දු­ර­ටත් මෙලෙස ද සඳ­හන් වේ.

“රටේ තරුණ තරු­ණි­යන්ගේ අනා­ග­තය සුබ­වා­දීව ගොඩ­නැං­වී­මට නම් ඒ සඳහා රටට ජාතික ප්‍රති­ප­ත්ති­යක් අව­ශ්‍යයි. මැති­ව­රණ කාල සීමා­වේදී විවිධ දේශ­පා­ලන පොරොන්දු දෙමින් තරුණ ප්‍රජා­වගේ සහ­යෝ­ගය ගනි­මින් දේශ­පා­ල­න­ඥ­යන් බල­යට පැමි­ණීමේ තත්ත්ව­යක් පසු­ගිය කාලයේ අපට දක්නට ලැබුණා. එවැනි අව­ස්ථා­ව­කට ඉඩ නොතබා තරුණ ප්‍රජා­වගේ අනා­ග­තය ගොඩ­නැං­වී­මට ජාතික ප්‍රති­ප­ත්ති­යක් රටට අව­ශ්‍යව තිබෙ­නවා.

වත්මන් සමා­ජයේ පව­තින අති­ශය තර­ග­කා­රි­ත්වය මෙන්ම විවි­ධ­ත්වය හේතු කොට­ගෙන තරුණ තරු­ණි­යන් විවි­ධා­කාර වූ ගැට­ලු­ව­ලට මුහුණ දෙමින් සිටි­නවා. එය රටේ ජාතික ආර්ථි­ක­යට මෙන්ම රටේ සංව­ර්ධ­න­යට බල­පෑ­මක් එල්ල කර තිබෙ­නවා. ජාතික ආර්ථි­කය ශක්ති­මත් කිරී­ම­ටත්, රටේ සංව­ර්ධ­නය වේග­වත් කිරී­ම­ටත් තරුණ ජවය අති­ශය වැද­ගත් වෙනවා. තරුණ ජවය කාර්ය­ක්ෂ­මව සහ එල­දා­යිව උප­යෝගි කර­ගැ­නී­මට නිසි වැඩ­පි­ළි­වෙ­ළක් සකස් විය යුතුයි. අද්‍ය­තන ලෝකය ඩිජි­ට­ල්ක­ර­ණය වූ විශ්ව ගම්මා­න­යක් බවට පත්ව තිබෙ­නවා. එයට මුහුණ දිය හැකි තරුණ ප්‍රජා­වක් ගොඩ­නැං­වීම තාරු­ණ්‍ය­යට ජවය සංවි­ධා­නයේ අර­මු­ණයි. තරුණ ප්‍රජා­වගේ අධ්‍යා­ප­නික, වෘත්තිය පුහුණු, රැකියා හා සමා­ජීය ගැටලු විස­ඳ­මින් ඔවුන්ගේ අනා­ග­තය සමෘ­ද්ධි­මත් කර­ලීම අපගේ වග­කී­මක්.

අධ්‍යා­ප­නික, වෘත්තිය පුහුණු අවස්ථා, රැකියා හා සමා­ජීය ගැට­ලු­ව­ලට මුහුණ දෙමින් සිටින තරුණ ප්‍රජාව නිවැ­රදි මඟ පෙන්වීම සහ හැඩ­ගැ­ස්වී­මට ජාතික ප්‍රති­ප­ත්ති­යක් රටට අව­ශ්‍යයි. ඒ සඳහා මූලි­ක­ත්වය ගෙන කට­යුතු කරන අපේ­ක්ෂ­ක­ය­කුට සහාය දීමට කට­යුතු කර­නවා. ඉදිරි දින කිහි­පයේ එය අධ්‍ය­ය­නය කර­මින් ‘තාරු­ණ්‍ය­යට ජවය’ සංවි­ධා­නයේ සහා­යෝ­ගය දෙන අපේ­ක්ෂ­කයා නම් කර­නවා.”