ජන­පති සහ සමස්ත ලංකා ජම්ඉ­යි­ය­තුල් උලමා සංවි­ධා­නය අතර හමු­වක්

කොළඹ මාලි­ගා­වත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉ­යි­ය­තුල් උලමා සංවි­ධා­නයේ මූල­ස්ථා­නය වෙත පැමිණි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා එහි සභා­පති අෂ්-ෂෙයික් එම්. අයි. එම්. රිස්වි මවු­ල­වි­තුමා ඇතුළු විධා­යක මණ්ඩ­ලය සමඟ පෙරේදා (27) පස්ව­රුවේ සාක­ච්ඡා­ව­කට එක් විය.

සමස්ත ලංකා ජම්ඉ­යි­ය­තුල් උලමා සංවි­ධා­නයේ මහ ලේකම් අෂ්-ෂෙයික් අක්‍රම් නූරා­මිත්, භාණ්ඩා­ගා­රික අෂ්-ෂෙයික් ආචාර්ය ඒ. ඒ. අහ­මද් අස්වර්, උප­ස­භා­පති අෂ්-ෂෙයික් එච්.ඔමා­ර්දීන්, අෂ්-ෂෙයික් එම්. ජේ. අබ්දුල් ඛාලික්, උප­ස­භා­පති අෂ්-ෂෙයික් අයි. එල්. එම්. හෂීම්, උප සභා­පති අෂ්-ෂෙයික් ඒ. එල්. එම්. ඛලීල් යන මවු­ල­වි­ව­රුන් ප්‍රමුඛ විධා­යක සභාවේ සාමා­ජි­ක­යන් මේ අව­ස්ථා­වට එක්ව සිටි අතර, එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් මවු­ල­වි­වරු මෙහිදී සිය ආශී­ර්වා­දය පළ කළහ.

මේ හමු­වේදී කෙරුණු ඉල්ලී­මට ප්‍රති­චාර දක්ව­මින් ජනා­ධි­ප­ති­ව­රයා කියා සිටියේ පසු­ගිය කොරෝනා සමයේ මිය­ගිය මුස්ලි­ම්ව­රුන් ඇතුළු සෙසු ආග­මි­ක­යන් ආදා­හ­නය කිරී­මට රජ­යට නිර්දේශ කළ පාර්ශ්ව සතුව පව­තින වග­වීම පිළි­බඳ සොයා බලා කට­යුතු කිරී­මට සෙසු පක්ෂ නාය­ක­යන් සම­ඟද සාකච්ඡා කර පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා­වක් පත් කිරී­මට තමා යෝජනා කරන බවයි. මේ වන විට රටේ සිදුව තිබෙන ආර්ථික ප්‍රකෘ­ති­ම­ත්භා­වය සහ ඉදිරි සැල­සුම් පිළි­බ­ඳ­වද මෙහිදී මවු­ල­වි­තු­මන්ලා දැනු­වත් කළ ජනා­ධි­ප­ති­ව­රයා තමා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ ඒ වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යඑෑම වෙනු­වෙන් ජන­ව­රම ඉල්ලා සිටී­මට බවද පැව­සීය. තම මැති­ව­රණ කට­යුතු ආරම්භ කිරී­මෙන් පසුව මහ­නා­හි­මි­ව­රුන් මෙන්ම සෙසු ආග­මික පූජ­ක­ව­රුන්ද හමු වී අව­වාද අනු­ශා­සනා ලද බව පැවසූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සියලු ආග­ම්ව­ලට සමාන කොට සැල­කී­මට තමා කැප වී සිටින බවද සඳ­හන් කළේය. පල­ස්තීන ගැට­ලුව පිළි­බ­ඳ­වද මෙහිදී අද­හස් දැක්වූ ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේ පල­ස්තීන රාජ්‍යය සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාව­රයේ කිසිදු වෙන­සක් නැති බවත්, ඒ වෙනු­වෙන් පෙනී සිටින බවත්ය. ලක් රජය විසින් ජෙරු­සෙ­ල­මෙහි නව කොන්සල් කාර්යා­ල­යක් විවෘත කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, ඊශ්‍රා­ය­ලයේ සේවය කරන ශ්‍රී ලාංකි­ක­යන් වෙත අවශ්‍ය සේවා සැප­යීම සඳහා 2000 වසරේ සිට ශ්‍රී ලංකාව ඊශ්‍රා­ය­ලය තුළ තානා­පති සේවා පව­ත්වා­ගෙන යන බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙහිදී සඳ­හන් කළේය.

හිටපු අමා­ත්‍ය­ව­රුන් වන ඒ.එච්.එම්. ෆවුසි, ෆයි­සර් මුස්තාපා, හිටපු ආණ්ඩු­කාර අසාද් සාලි යන මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක්ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.