ජන­ප­තිගේ බෙලි­අත්ත මෙහෙ­යුම් කාර්යා­ලය විවෘත කෙරේ

ස්වාධීන අපේ­ක්ෂක ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ බෙලි­අත්ත කලා­පයේ ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය කෘෂි­කර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (25) බෙලි­අත්ත නග­ර­යේදී විවෘත කෙරිණි. මේ අව­ස්ථා­වට නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ, හම්බ­න්තොට දිස්ත්‍රික් එ.ජා.ප. සංවි­ධා­යක විමල් ජය­සිරි, බෙලි­අත්ත එ.ජා.ප. සංවි­ධා­යක කැලුම් මාන­වඩු, හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය එච්.ඩබ්. ගුණ­සේන යන මහ­ත්වරු ද එක්ව සිටි­යහ.