ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලීසිය පැවසුවේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) දිනයේ පින්වත්ත පොලිස් වසමේ පිරිවෙන හංදියේ බස්නැවතුම්පල අසලදී මෙම ඝාතනයේ වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කළ සැකකරුවෙකු හා මෝටර් රථය පැදවූ බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරු වයස අවුරුදු 32 ක් වන නාගොඩල ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

අනෙක් සැකකරු වයස අවුරුදු 29 ක් වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා