සමෘද්ධි කළමනාකාරවරයා රිය අනතුරකින් මිය යයි

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන සමෘද්ධි කළමනාකාරවරයා යාපනයේදී සිදු වූ රිය අනතුරකින් පෙරේදා (26) මියගොස් තිබේ.

පද්මනාදන් අයින්කරන් නමැති 50 හැවිරිදි ඔහු සිය දරුවා උපකාරක පන්තියකින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී ඔහු ගමන් කළ යතුරුපැදිය යාපනය නගරයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යාපනය පොලිසිය ත්‍රිරෝද රථ රියැදුරාව අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.