සෙල්ලකතරගම දී පාසල් ළමුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන් පිරිසකට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබෙයි.

එලෙස ප්‍රහාරයට ලක් වී ඇත්තේ දරුවන් 10 දෙනෙක් සහ දෙමාපියන් තිදෙනෙක් බවයි වාර්තා වෙයි.

මේ පිරිස කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඔවුන් සෙල්ලකතරගම පදිංචිකරුවන් බව මේ වන විට වාර්තා වී ඇත.