වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වුණොත් එය විශාල ගැටලුවක් -සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය

වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වුවහොත් රට තුළ දැවැන්ත ගැටලුවක් ඇතිවීමට ඉඩකඩ තිබෙන බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා පවසනවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ යල කන්නයේ වී නිෂ්පාදන වලින් වැඩි ප්‍රතිශතයක් මේ වන විට මහා පරිමාණ වීමෝල් හිමියන් විසින් එක්රැස් කර තිබෙන බවත් එවැනි තත්ත්වයක් තුළ රටේ වෙළෙඳපොළ තුළ මේ වෙනකොට වී මිලදී ගැනීමට වී නොමැති බවයි.

එමෙන්ම මහා පරිමාණ ලෙස වී එක්රැස් කිරීම තුළින් වෙළඳපොළ තුළ වී හිඟයක් නිර්මාණය වන බවත් අද දවස තුළ එම වී හිඟය නිර්මාණ වී ඇති බවද සේමසිංහ මහතා පෙන්වාදී ඇති බව සඳහන්.

සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන්ට තමන්ගේ කර්මාන්තය පවත්වාගෙන නොහැකි මට්ටමේ වී හිඟයක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියා.